1. 10. 2.
මාලුඞ්ක්යපුත්ර සූත්රය
95. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්යපුත්ර තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් මාලුඞ්ක්යපුත්ර තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. ‘ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලාව සමූහයෙන් වෙන්ව අප්රමාදව කෙලෙස් තවන වීර්ය්යයෙන් යුක්තව ආත්ම පරිත්යාගයෙන් වාසය කරන්නෙම්ද, භාග්යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් සැකෙවින් දේශනා කරනසේක්නම් මැනව’ කියායි.
“මාලුඞ්ක්යපුත්රය, ජරාජීර්ණවූ වයෝවෘධවූ මහලුවූ කල් ඉක්මවූ වැඩි වයසට පැමිණියාවූ භික්ෂුවක් වූ නුඹ වනාහි සැකෙවින් අවවාදය ඉල්ලන්නෙහිය. මේ කාරණයෙහිලා තරුණ භික්ෂූන්ට කුමක් කියන්නෙමුද?, “ස්වාමීනි, මම ජරාජීර්ණවූ වයෝවෘධවූ මහලුවූ කල් ඉක්මගිය වයස්ගත වූයෙක් වී නමුත් ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරනසේක්වා. සුගතයන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරනසේක්වා. මම භාග්යවතුන් වහන්සේගේ දේශනාවෙහි අර්ථය දැනගන්නෙම් නම්, යෙහෙක. මම භාග්යවතුන් වහන්සේගේ දේශනාවට උරුමක්කාරයෙක්වන්නෙම් නම් යෙහෙකැයි, කීය.
“මාලුඞ්ක්යපුත්රය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇසින් දතයුතුවූ, නුදුටුවාවූ, නුදුටුවිරූ යම් ඒ රූපයෝ වෙත්ද (දැනුදු) ඒ රූපයන් නොදක්නෙහිද, (මතු) ඒ රූපයන් දක්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“කනෙන් දතයුතුවූ, නොඇසුවාවූ, නොඅසනලදවිරූ යම් මේ ශබ්දයෝ වෙත්ද (දැනුදු) ඒ ශබ්දයන් නොඅසන්නෙහිද, (මතු) ඒ ශබ්දයන් අසන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි., “නාසයෙන් දතයුතුවූ, ආඝ්රාණය නොකළාවූ, ආඝ්රාණය නොකළවිරූ යම් ඒ ගන්ධයෝ වෙත්ද (දැනුදු) ඒ ගන්ධයන් ආඝ්රාණය නොකෙරෙහිද, (මතු) ඒ ගන්ධයන් ආඝ්රාණය කරන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි., “දිවෙන් දතයුතුවූ, රස නොවින්දාවූ, රසනොවිඳිනලදවිරූ යම් මේ රසයෝ වෙත්ද (දැනුදු) ඒ රස නොවිඳින්නෙහිද, (මතු) ඒ රසයන් රසවිඳින්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“කයින් දතයුතුවූ, ස්පර්ශ නොකළාවූ, ස්පර්ශ නොකළවිරූ යම් මේ ස්පර්ශයෝ වෙත්ද (දැනුදු) ඒ ස්පර්ශයන් ස්පර්ශනොකෙරෙහිද, (මතු) ඒ ස්පර්ශයන් ස්පර්ශ කරන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි. “සිතින් දතයුතුවූ, නොදන්නාලද්දාවූ, නොදන්නාලදවිරූ යම් මේ ධර්මයෝ වෙත්ද (දැනුදු) ඒ ධර්මයන් නොදන්නෙහිද, (මතු) ඒ ධර්මයන් දැනගන්නෙමියි නොසිතෙයිද (එවිට) තොපට එහි කැමැත්තක් හෝ ඇල්මක් හෝ ප්රේමයක් හෝ ඇත්තේද?” - “ස්වාමීනි, එය නොවේමැයි.,
“මාලුඞකපුත්රය, මෙහිද තොපට ඇසින් කනෙන් නැහැයෙන් දිවෙන් කයින් සිතින් දතයුතු ධර්මයන් අතුරෙන් දක්නා ලද්දෙහි, දැකීම පමණක් වන්නේය. අසන ලද්දෙහි ඇසීම පමණක් වන්නේය. සිඹින ලද්දෙහි සිඹීම පමණක් වන්නේය. රස විඳින ලද්දෙහි රස විඳීම පමණක් වන්නේය. ස්පර්ශ කරන ලද්දෙහි ස්පර්ශ කිරීම පමණක් වන්නේය. දන්නා ලද්දේහි දැනගැනීම පමණක් වන්නේය. “මාලුඞ්ක්යපුත්රය, යම් කලෙක තොපට ඇස කන නැහැය දිව කය සහ සිත යන මෙයින් දතයුතු ධර්මයන් අතුරෙහි දුටු දෙයෙහි දැකීම පමණක් වන්නේද, ඇසූ දෙයෙහි ඇසීම පමණක් වන්නේද, සිඹින ලද දෙයෙහි සිඹීම පමණක් වන්නේද, රස විඳින ලද දෙයෙහි රස විඳීම පමණක් වන්නේද, ස්පර්ශ කරන ලද දෙයෙහි ස්පර්ශ කිරීම පමණක් වන්නේද, දැනගත් දෙයෙහි දැනගැනීම පමණක් වන්නේද, මාලුඞ්ක්යපුත්රය, එකල්හි නුඹ එයින් (ඒ රාගාදියෙන් රත් වූවෙක්) නොවන්නෙහිය. මාලුඞ්ක්යපුත්රය, යම් කලෙක නුඹ එයින් යුක්ත නොවෙහිද, මාලුඞ්ක්යපුත්රය, එකල්හි නුඹ එහි ඒ දිට්ඨි ආදියෙහි ඇළුනෙක් නොවෙහිය. මාලුඞකපුත්රය, යම් කලෙක නුඹ එහි ඇළුනෙක් නොවෙහිද, මාලුඞ්ක්යපුත්රය, එකල්හි නුඹ මෙලොවද නැත, පරලොවද නැත දෙලොවෙහිම නැත. මෙයම දුක්ඛයාගේ කෙළවර වේයයි, වදාළ සේක.
ස්වාමීනි, මම භාග්යවතුන් වහන්සේ විසින් සැකෙවින් දේශනා කරන ලද මේ ධර්මයාගේ අර්ථය මෙසේ විස්තර වශයෙන් දනිමි.
“රූපය දැක ප්රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. හෙතෙම ඇලෙන්නාවූ සිතින් එය විඳියි. එහි ගිලී සිටියි. “ඔහුට රූපය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ශබ්දයක් අසා ප්රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි. “ඔහුට ශබ්දය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.
“ගඳ ආඝ්රාණය කොට ප්රිය අරමුණක් වශයෙන් මෙනෙහි කරන්නහුගේ සිහිය විනාශ වේ. ඇළුම් සහිත සිත් ඇත්තේ එය විඳියි. එහි ගිලී සිටියි. “ඔහුට ගන්ධය නිසා හටගන්නාවූ නොයෙක් විඳීම් වැඩෙත්. අභිධ්යාවෙන්ද විහිංසාවෙන්ද ඔහුගේ සිත නැසේ. මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුරයැයි කියනු ලැබේ.