1. 1. 7.
7. දුතිය (අධ්යාත්මායතන) අනිත්ය සූත්රය
7. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනිත්ය වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, කන, අනිත්ය වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, නාසය, අනිත්ය වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, දිව, අනිත්ය වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.
“අතීතවූද, අනාගත වූද, ශරීරය, අනිත්ය වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, සිත, අනිත්ය වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.”
1. 1. 8.
8. දුතිය (අධ්යාත්මායතන) දුක්ඛ සූත්රය
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, දුක් වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, කන, දුක් වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, නාසය, දුක් වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, දිව, දුක් වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ශරීරය, දුක් වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, සිත, දුක් වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. (වදාළ සේක)
1. 1. 9.
9. දුතිය (අධ්යාත්මායතන) අනාත්ම සූත්රය
9. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනාත්ම වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, කන, අනාත්ම වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, නාසය, අනාත්ම වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, දිව, අනාත්ම වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ශරීරය, අනාත්ම වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, සිත, අනාත්ම වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. (වදාළ සේක)