1. 1. 8.
8. දුතිය (අධ්යාත්මායතන) දුක්ඛ සූත්රය
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, දුක් වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, කන, දුක් වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, නාසය, දුක් වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, දිව, දුක් වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ශරීරය, දුක් වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, සිත, දුක් වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. (වදාළ සේක)
1. 1. 9.
9. දුතිය (අධ්යාත්මායතන) අනාත්ම සූත්රය
9. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, ඇස, අනාත්ම වේ. දැන් පවත්නා ඇස ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ඇස කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ඇසක් නොපතයි. දැන් පවත්නා ඇස සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, කන, අනාත්ම වේ. දැන් පවත්නා කන ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ කන කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත කනක් නොපතයි. දැන් පවත්නා කන සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, නාසය, අනාත්ම වේ. දැන් පවත්නා නාසය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ නාසය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත නාසයක් නොපතයි. දැන් පවත්නා නාසය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, දිව, අනාත්ම වේ. දැන් පවත්නා දිව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ දිව කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත දිවක් නොපතයි. දැන් පවත්නා දිව සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ශරීරය, අනාත්ම වේ. දැන් පවත්නා ශරීරය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශරීරය කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශරීරයක් නොපතයි. දැන් පවත්නා ශරීරය සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, සිත, අනාත්ම වේ. දැන් පවත්නා සිත ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ සිත කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත සිතක් නොපතයි. දැන් පවත්නා සිත සම්බන්ධව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” යි. (වදාළ සේක)
1. 1. 10.
10. දුතිය (බාහිරායතන) අනිත්ය සූත්රය
10. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනිත්යයහ. දැන් පවත්නාවූ රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ. “අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනිත්යයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ගන්ධයෝ අනිත්යයහ. දැන් පවත්නාවූ ගන්ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, රසයෝ අනිත්යයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ස්පර්ශයෝ අනිත්යයහ. දැන් පවත්නාවූ ස්පර්ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ධර්මයෝ අනිත්යයහ. දැන් පවත්නාවූ ධර්මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත් ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය.” යි (වදාළ සේක.)
1. 1. 11.
11. දුතිය (බාහිරායතන) දුක්ඛ සූත්රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ දුකයහ. දැන් පවත්නා රූපයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ දුකයහ. දැන් පවත්නාවූ ශබ්දයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ගන්ධයෝ දුකයහ. දැන් පවත්නාවූ ගන්ධයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, රසයෝ දුකයහ. දැන් පවත්නාවූ රසයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ස්පර්ශයෝ දුකයහ. දැන් පවත්නාවූ ස්පර්ශයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි. “අතීතවූද, අනාගත වූද, ධර්මයෝ දුක් වෙත්. දැන් පවත්නාවූ ධර්මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය” (වදාළ සේක).
1. 1. 12.
12. දුතිය (බාහිරායතන) අනාත්ම සූත්රය
12. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අතීතවූද, අනාගත වූද, රූපයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රූපයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ රූපයන් කෙරෙහි කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රූප නොපතයි. දැන් පවත්නාවූ රූපයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ශබ්දයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ශබ්දයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ශබ්දයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ශබ්දයන් නොපතයි. දැන් පවත්නාවූ ශබ්දයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ගන්ධයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ගන්ධයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ගන්ධයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ගන්ධයන් නොපතයි. දැන් පවත්නාවූ ගන්ධයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, රසයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා රසයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ රසයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත රසයන් නොපතයි. දැන් පවත්නාවූ රසයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ස්පර්ශයෝ අනාත්ම වෙත්. දැන් පවත්නා ස්පර්ශයන් පිළිබඳව කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ස්පර්ශයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ස්පර්ශයන් නොපතයි. දැන් පවත්නාවූ ස්පර්ශයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වෙයි.” “අතීතවූද, අනාගත වූද, ධර්මයෝ අනාත්ම වෙත්. දැන් පවත්නාවූ ධර්මයන් ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රුතවත්වූ ආර්ය්යශ්රාවක තෙම, අතීතවූ ධර්මයන් කෙරෙහි නිරපේක්ෂ වේ. අනාගත ධර්මයන් නොපතයි. දැන් පවත්නාවූ ධර්මයන් පිළිබඳව කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේය”යි (වදාළ සේක).
පළමුවෙනි අනිත්ය වර්ගය නිමි.
එහි උද්දානය:
අනිත්යය, දුක, අනාත්මය ද යන තුන ද අජ්ඣත්ත හා බාහිර ද වෙති. යම් අනිත්යයකින් තුනක් කියන ලද්දාහු ද ඒ ඒ අජ්ඣත්ත හා බාහිර වෙති.