9. 1. 7.
අන්නදායක අණ්ඩජ සූත්රය
398. සැවැත්නුවරදී ය.
එක් පසෙක හුන් ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය: ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද, මෙයට හේතුව කවරේද? ප්රත්යය කවරේද?
මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දකින් ක්රියා කරයි. වචනයෙන් දෙපරිද්දකින් ක්රියා කරයි. සිතින් දෙපරිද්දකින් ක්රියා කරයි. අණ්ඩජ ගුරුළෝ බොහෝ ආයුෂ ඇත්තාහ. වර්ණ වන්තයහ. සැප බහුල කොට ඇත්තාහයි ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙමි නම් ඉතා හොඳය’ කියායි. හෙතෙම ආහාර දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක් වීමට පැමිණෙයි.
9. 1. 8.
පානදායක අණ්ඩජ සූත්රය
399. ...පෙ... හෙතෙම පානය කළයුතු දේ දෙයි ...පෙ... උපදියි.
9. 1. 9.
වත්ථදායක අණ්ඩජ සූත්රය
400. ...පෙ... වස්ත්ර දෙයි ...පෙ... උපදියි.
9. 1. 10.
යානදායක අණ්ඩජ සූත්රය
401. ...පෙ... යානාවන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 11.
මාලාදායක අණ්ඩජ සූත්රය
402. ...පෙ... මාලාවන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 12.
ගන්ධදායක අණ්ඩජ සූත්රය
403. ...පෙ... සුවඳ දෙයි ...පෙ... උපදියි.
9. 1. 13.
විලෙපනදායක අණ්ඩජ සූත්රය
404. ...පෙ... විලවුන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 14.
සෙය්යදායක අණ්ඩජ සූත්රය
405. ...පෙ... සයනයන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 15.
ආවසථදායක අණ්ඩජ සූත්රය
406. ...පෙ... ආවාස දෙයි ...පෙ... උපදියි.