9. 1. 14.
සෙය්යදායක අණ්ඩජ සූත්රය
405. ...පෙ... සයනයන් දෙයි ...පෙ... උපදියි.
9. 1. 15.
ආවසථදායක අණ්ඩජ සූත්රය
406. ...පෙ... ආවාස දෙයි ...පෙ... උපදියි.
9. 1. 16.
පදීපෙය්යදායක අණ්ඩජ සූත්රය
407. ...පෙ... පහන් දෙයි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි.
මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු අණ්ඩජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද මේ වනාහි එයට හේතුවයි. මේ වනාහි ප්රත්යයයි.
9. 1. 17-36.
අන්නදායක ජලාබුජ ආදී වූ සූත්ර තිහ
408-427. සැවැත්නුවරදී ය.
එක් පසෙක හුන් ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය: ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ජලාබුජ ගුරුළන් හා එක්වීමට පැමිණෙයි ද ...පෙ... සංසෙදජ ගුරුළන් ...පෙ... උපදියි.
9. 1. 37.
අන්නදායක ඕපපාතික සූත්රය
428. ...පෙ... ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙයි.
මහණ, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් කයින් දෙපරිද්දෙකින් ක්රියා කරන්නේ වෙයි, වචනයෙන් දෙපරිද්දෙකින් ක්රියා කරන්නේ වෙයි, සිතින් දෙපරිද්දෙකින් ක්රියා කරන්නේ වෙයි. ඔහුට මෙසේ අසන්නට ලැබෙයි “ඕපපාතික ගුරුළෝ දීර්ඝායුෂ්කයහ, වර්ණවන්තයහ, සැප බහුල ඇත්තාහ” යි. ඔහුට මෙසේ සිතෙයි: “අහෝ! මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු ඕපපාතික ගුරුළන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් මැනවැ” යි. හෙතෙම ආහාර දෙයි ...පෙ... උපදියි.
9. 1. 38.
පානදායක ඕපපාතික සූත්රය
429. ...පෙ... පානය කළයුතු දේ දෙයි ...පෙ... උපදියි.
9. 1. 39.
වත්ථදායක ඕපපාතික සූත්රය
430. ...පෙ... වස්ත්ර දෙයි ...පෙ... උපදියි.
9. 1. 40.
යානදායක ඕපපාතික සූත්රය
431. ...පෙ... යානාවන් දෙයි ...පෙ... උපදියි.