7. 1. 5.
ආකාසානඤ්චායතන සූත්රය
336. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්රියයෝ ප්රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය... ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” “ඇවැත්නි, මෙහි මම සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන්ගේ දුරුකිරීමෙන් හැඟීම් ස්වභාවය ඇති රූප සඤ්ඤාවන්ගේ බැහැරකිරීමෙන්, නානත්ත සඤ්ඤාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, ඒ මට මම ආකාසානඤ්චායතන ධ්යානයට සම වඳිමියි කියා හෝ මම ආකාසානඤ්චායතන ධ්යානයට සම වැදුනෙමි කියා හෝ මම ආකාසානඤ්චායතනධ්යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි කීහ. “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ ‘මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ආකාශානඤ්චායතනයට සමවදිමියි’ කියා හෝ මම ආකාශානඤ්චායතනයට සමවැදුනෙමි’ කියා හෝ මම ආකාශානඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිර තෙම කීය.)
7. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්රය
337. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය... ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” [3] ඇවැත්නි, මම මෙහි සියළු ආකාරයෙන් ආකාසානඤ්චායතනය දුරුකොට විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි.” “ඇවැත්නි, ඒ මට මේ විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.” [4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ “මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
7. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්රය
338. සැවැත්නුවරදීය:
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ (පෙ)... [3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි.” “ඇවැත්නි, ඒ මට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනෙමි කියා හෝ, මම අකිඤ්චාඤ්ඤායතනයයෙන් නැගී සිටියෙමියි කියා හෝ, මෙබඳු සිතක්නොවේයයි’ කීහ. [4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුශය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එමනිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සම වදිමියි’ කියා හෝ “මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණෙමියි’ කියා හෝ ‘මම ආකිඤ්චඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි, කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)
7. 1. 8.
නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සූත්රය
339. සැවැත්නුවරදීය:
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ (පෙ).
[3] “ඇවැත්නි, මම මෙහි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුනෙමි කියා හෝ, මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමියි කියා හෝ, මෙබඳුසිතක් නොවේයයි’ කීහ. [4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවදිමියි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සම වැදුනෙමි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)
7. 1. 9.
නිරොධ සමාපත්ති සුත්තං
340. එක් කලෙක ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවරට නුදුරෙහිවූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳපොරවා පාත්ර සිවුරුගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් හැරී එන්නේ අන්ධවනය යම් තැනකද එතැන්හි දවල් කාලය ගෙවීම පිණිස පැමිණියහ. අන්ධවනයට පැමිණ එක්තරා ගසක් මුල හුන්නේය. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගී සිටියේ ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමය යම් තැනකද එතැන්හි පැමිණියහ.
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්රියයෝ ප්රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
[3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයන් ඉක්මවා සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරමි. මහණෙනි, ඒ මට ‘මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමවතට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරෝධ සමවතට පැමිණියෙමි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත සමවතින් නැගී සිටිමි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” කීහ.
[4] “ඒ එසේමය, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි මමය. මාගේයයි ගන්නා දෘෂ්ටි මාන අනුශය ධර්මයෝ මනාකොට නසන ලදහ. එබැවින් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට ‘මම සඤ්ඤාවෙදයිත නිරෝධයට සමවදිමියි කියා හෝ, මම සඤ්ඤාදයිත නිරෝධයට සමවැදුණෙමියි කියා හෝ, මම සඤ්ඤාවෙදයිත නිරෝධයෙන් නැඟී සිටියෙමියි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
7. 1. 10.
සූචිමුඛී සුත්තං
341. [1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් සැරියුත් තෙරුන්වහන්සේ උදය කාලයෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පැමිණියහ. රජගහනුවර ගෙපිළිවලින් පිඬු පිණිස හැසිර ඒ පිණ්ඩපාතය එක්තරා බිත්ති අද්දරක හිඳ වළඳති. [2] එකල්හි වනාහි සුචිමුඛී නම් පරිබ්රාජිකාවක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් යම් තැනකද එතැනට පැමිණියාය. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීය. ‘ශ්රමණය කුමක් නිසා බිම බලාගෙන අනුභව කරන්නෙහිද?”