6. 1. 10.
10. ඛන්ධ සූත්රය
331. [1] (මේ සූත්රයේ 1, 3 වෙනි ඡේද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්රයේ මෙනි.)
[2] “මහණෙනි, රූපස්කන්ධයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටු වීමයි. වේදනාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටු වීමයි. සඤ්ඤාවෙහි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටු වීමයි. සංස්කාරයන්හි යම් ඡන්දරාගයක් වේද, එය චිත්තයාගේ කිලුටු වීමයි. විඤ්ඤාණයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.
“මහණෙනි, යම් තැනක පටන් මේ පස් ස්ථානයන්හි භික්ෂුවගේ සිතේ කිලුටුබව ප්රහීනවූයේ වෙයිද? ඔහුගේ සිත ලොකොත්තර ධර්මයට නැඹුරුවූයේ වෙයි. නෛෂ්ක්රම්ය පුරුදු කරන ලද සිත විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කළ යුතු ධර්ම විෂයෙහි කර්මණ්ය වෙයි.
කිලෙස වර්ගය පළමුවැනියි.
එහි උද්දානය:
චක්ඛු සූත්රය රූප සූත්රය, විඤ්ඤාණ සූත්රය, ඵස්ස සූත්රය, වේදනා සූත්රය සඤ්ඤා සූත්රය, චේතනා සූත්රය, තණ්හා සූත්රය, ධාතු සූත්රය සහ ඛන්ධ සූත්රය දැයි සූත්ර දසයකි.
කිලෙස සංයුත්තය නිමි.