4. 1. 3.
3. චක්ඛු විඤ්ඤාණ සූත්‍රය
304. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සොත විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ඝාන විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කාය විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. මනොවිඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භුමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 4.
4. ඵස්ස සූත්‍රය
305. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. සොතසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ඝානසම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හා සම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කාය සම්ඵස්සය අනිත්‍යය පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. මනො සම්ඵස්සය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. “මහණෙනි. යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසුවෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ගඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද දකියිද හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 5.
5. වේදනා සූත්‍රය
306. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛුස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. සොතස්පර්ශයෙන් හටගන්නා වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය, ඝාණස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හාස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කායස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. මනොස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොටගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ, සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, එතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධර්මානුසාරී පුද්ගලයායි. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”
4. 1. 6.
6. සඤ්ඤා සූත්‍රය
307. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
මහණෙනි, රූප සඤ්ඤාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ශබ්ද සඤ්ඤාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ගන්ධ සඤ්ඤාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. රස සඤ්ඤාව අනිත්‍යය පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ධම්ම සඤ්ඤාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස් වන ස්වභාවය. “මහණෙනි. යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන්මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයන් එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන්මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද දකියිද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 7.
7. චෙතනා සූත්‍රය
308. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. සද්ද සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ගන්ධ සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. රස සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය ඵොට්ඨබ්බ සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ධම්ම සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවයි. “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයන් එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නරකයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසුවෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 8.
8. තණ්හා සූත්‍රය
309. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
මහණෙනි, රූප තණ්හාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය, ශබ්ද තණ්හාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය, ගන්ධ තණ්හාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය, රස තණ්හාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය, ස්පර්ශ තණ්හාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ධම්ම තණ්හාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භුමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයන් එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන්මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 9.
9. ධාතු සූත්‍රය
310. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, පඨවී ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ආපොධාතුව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය, තේජෝ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. වායොධාතුව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ආකාශ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය විඤ්ඤාණ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. “මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයන් එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.