4. 1. 4.
4. ඵස්ස සූත්‍රය
305. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. සෝතසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඝානසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ජිව්හාසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. කායසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මනෝසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”
4. 1. 5.
5. වේදනා සූත්‍රය
306. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”
4. 1. 6.
6. සඤ්ඤා සූත්‍රය
307. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප සඤ්ඤාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ශබ්ද සඤ්ඤාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ගන්ධ සඤ්ඤාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. රස සඤ්ඤාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඵොට්ඨබ්බ සඤ්ඤාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ධම්ම සඤ්ඤාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”
4. 1. 7.
7. චෙතනා සූත්‍රය
308. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප සඤ්චේතනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. සද්ද සඤ්චේතනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ගන්ධ සඤ්චේතනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. රස සඤ්චේතනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඵොට්ඨබ්බ සඤ්චේතනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ධම්ම සඤ්චේතනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”
4. 1. 8.
8. තණ්හා සූත්‍රය
309. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප තණ්හාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. සද්ද තණ්හාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ගන්ධ තණ්හාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. රස තණ්හාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඵොට්ඨබ්බ තණ්හාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ධම්ම තණ්හාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණිය��� වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”
4. 1. 9.
9. ධාතු සූත්‍රය
310. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, පඨවී ධාතුව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ආපෝ ධාතුව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. තේජෝ ධාතුව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. වායෝ ධාතුව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ආකාශ ධාතුව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. විඤ්ඤාණ ධාතුව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”