4. 1. 2.
2. රූප සූත්‍රය
303. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි. රූපය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ශබ්දය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ගඳ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. රසය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ස්පර්ශ අනිත්‍යය, පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ධර්මය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයෝ මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කලුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.”
“මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 3.
3. චක්ඛු විඤ්ඤාණ සූත්‍රය
304. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. සොත විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. වෙනස්වන ස්වභාවය. ඝාන විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හා විඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කාය විඤ්ඤාණය අනිත්‍යය. පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. මනොවිඤ්ඤාණය අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භුමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ. “හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේතලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. “මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 1. 4.
4. ඵස්ස සූත්‍රය
305. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. සෝතසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඝානසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ජිව්හාසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. කායසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මනෝසම්ඵස්සය අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”
4. 1. 5.
5. වේදනා සූත්‍රය
306. (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරළෙන ස්වභාවය, වෙනස් වන ස්වභාවය. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයි ද, නිශ්චය කරයි ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ ප්‍රඥාවෙන් ප්‍රමාණවත් ලෙස සලකා පිළිගැනීමට ඉවසත් ද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියා වූ, සත්පුරුෂ භූමියට පැමිණියා වූ, පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේ ද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් නොකරයි ද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි. මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ දනියි ද, දකියි ද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇති, නියත වූ, අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නා වූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”