3. 1. 7.
නත්ථි හේතු සූත්‍රය
212. [1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදු වෙත්. (දිව්‍ය ලොකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමාවසඟයෙහි නොපවත්නාහු, බලරහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදී සවැදෑරුම් ශ්‍රේෂ්ඨ ජාතිවල සැප දුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
“මහණෙනි, රූපය ඇති කල්හි, රූපය ඇසුරු කොට, රූපයට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත -පෙ- සය වැදෑරුම් අභිජාතීන්හිම සැප දුක් විඳිති’ යන මෙබඳු දෘෂ්ටියක් උපදියි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඥානය ඇති කල්හි, විඥානය ඇසුරු කොට, විඥානයට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත -පෙ- සය වැදෑරුම් අභිජාතීන්හිම සැප දුක් විඳිති’ යන මෙබඳු දෘෂ්ටියක් උපදියි.
[8] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? “රූපය නිත්‍යද? අනිත්‍යද?”
“ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන සත්ත්වයන්ගේ කෙළෙසීමට හේතු නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව, සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍ය ලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමාවසඟයෙහි නොපවත්නාහු, බල රහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රේෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.
[9] “වේදනාව නිත්‍යද? අනිත්‍යද?” [10] “සංඥාව නිත්‍යද? අනිත්‍යද?” [11] “සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” [12] “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” [13] “ඇසින් දකින ලද කණින් අසන ලද, නාසය දිව කය යන තුනෙන් දන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, විමසන ලද, යම් මේ දෙයක් වෙයිද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?”
“ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද; සැපද?” - “ස්වාමීනි, දුකයි.” “ස්වාමිනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමිනි, දුකය.” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකයි.” “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍ය හෝ දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ඇසුරු නොකොට ‘සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව, ප්‍රත්‍යයක් නැතිව සත්ත්වයෝ කෙලෙසෙති. සත්ත්වයන්ගේ පිරිසිදුවීමට හේතුවක් නැත, ප්‍රත්‍යයක් නැත. හේතුවක් නැතිව, ප්‍රත්‍යයක් නැතිව සත්ත්වයෝ පිරිසිදු වෙති. බලයක් නැත, වීර්යයක් නැත, පුරුෂ ශක්තියක් නැත, පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු ජීවයෝ තමන්ගේ වසඟයෙහි නැත්තාහු, බලයක් නැත්තාහු, වීර්යයක් නැත්තාහු, නියතිය, සංගතිය හා ස්වභාවය අනුව නොයෙක් අයුරින් පෙරළුණාහු සය වැදෑරුම් අභිජාතීන්හිම සැප දුක් විඳිති’ යන මෙබඳු දෘෂ්ටියක් උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය. “ස්වාමීනි, එය නොවන්නේමය.” “ස්වාමීනි, එය නොවන්නේමය.” “ස්වාමීනි, එය නොවන්නේමය.” “ස්වාමීනි, එය නොවන්නේමය.”
[14] “මහණෙනි, යම්තැනක පටන් මේ ආර්යශ්‍රාවකයාට මේ සවැදෑරුම් කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛසමුදයෙහිද සැක දුරු වූයේ වෙයි. දුක්ඛ නිරෝධයෙහිද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවෙහිද සැක දුරුවූයේ වෙයි. “මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ ශ්‍රොතාපන්නයයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියමගති ඇත්තෙකැයිද, අර්හත්ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 8.
මහාදිට්ඨි සුත්තං
213. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට බැසගෙන ‘කිසිවෙකු විසින් නොකරණලද කිසිවෙකුගේ විධානය නොකරණ ලද කිසිවෙකු විසින් නිර්මානය නොකරනලද නිර්මානය නොකරවනලද පර්වත කූටයක් මෙන් නිශ්ඵලවූ ඉන්ද්‍රඛීලයක් මෙන් නිශ්චලවූ ධර්ම සමූහ හතක් වෙත්. ඔව්හු නො සැලෙත්, ප්‍රකෘතිය නොහරිත්, ඔවුනොවුන්ට බාධා නොකරත්. ඔවුනොවුන්ට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැප දුක් පිණිස හෝ නොසමත් වෙත්. ඒ සත්ධර්ම සමූහයෝ කවරහුද?