3. 1. 13.
තංජීවං සූත්රය
218. සැවැත්නුවරදීය:
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘ජීවයත් එයමය, ශරීරයත් එයමය’ යන දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ ප්රභවකොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව් මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි. එසේයයි” ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි, රුපය නිසා, රුපයට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. “වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා, වේදනාවට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. ‘සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට පැමිණ ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. “සංස්කාරයන් ඇතිකල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදියි. “විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ, ජීවයත් එයමය. ශරීරයත් එයමය. යන මේ දෘෂ්ටිය උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි හඟිව්ද? රූපය නිත්යය හෝ අනිත්ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක් හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි. එය නොවන්නේමය.”
“වේදනාව නිත්ය හෝ අනිත්ය හෝ වෙයිද?” - “ස්වාමීනි. අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” “සංඥාව නිත්ය හෝ අනිත්ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි. දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” “සංස්කාරයෝ නිත්ය හෝ අනිත්ය හෝ වෙයිද?” - “ස්වාමිනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි. දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” “විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය. ශරීරයත් එයමය යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” [5] “දක්නාලද, අසනලද, නාසය, දිව, කය යන තුනෙන් දන්නාලද, සිතින් දැනගන්නාලද, පැමිණෙන ලද, සොයන ලද, විමසනලද යම් ඒ දෙයක් වේද, එය නිත්ය හෝ අනිත්ය හෝ වේද?” “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් එය දැඩිලෙස නොගෙන ජීවයත් එයමය ශරීරයත් එයමය යන දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්ය ශ්රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයිද, දුක්ඛයෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛසමුදයෙහිද, ඔහුගේ සැක දුරු වූයේ වෙයි. දුක්ඛනිරෝධයෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාවෙහිද, ඔහුගේ සැක දුරුවූයේ වෙයි. “මහණෙනි, මේ ආර්ය ශ්රාවකතෙමේ සෝවාන් මාර්ගඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියතවූ ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිට කොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 14.
අඤ්ඤං ජීවං සූත්රය
219. සැවැත්නුවරදීය:
[2] “මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි එසේයයි,” ඒ භික්ෂූහු, භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “රූපය ඇතිකල්හි රූපය නිසා රූපයට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය උපදී. සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘ජීවය අනිකක, ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. විඥානය ඇතිකල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී.
“මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? “රූපය නිත්යද? අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යය. “යමක් වනාහි අනිත්ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේය.”
“වේදනාව නිත්යද අනිත්යද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.” “සංඥාව නිත්යද? අනිත්යද?” “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යනම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් වනාහි අනිත්යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වානොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදින්නේද? - “ස්වාමීනි, එය නොවන්නේමය. “සංස්කාරයෝ නිත්ය හෝ අනිත්යය හෝ වෙයිද?” - “ස්වාමීනි අනිත්යය.” “යමක් වනාහි අනිත්ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.” “විඤ්ඤාණය නිත්ය හෝ අනිත්ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්යද, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් වනාහි අනිත්යද දුකද වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක, යන මේ දෘෂ්ටිය උපදින්නේද?” -“ස්වාමීනි, එය නොවන්නේමය.” [5] “දක්නාලද, අසනලද, නාසය දිව කය යන තුනෙන් දන්නාලද, සිතින් දන්නාලද, සොයන ලද, විමසන ලද යම් දෙයක් වේද, එයද නිත්යය හෝ අනිත්ය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්යය.” “යමක් වනාහි අනිත්ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්යයද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩි වශයෙන් නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයි, ඔහුට දුක පිළිබඳවද සැකදුරුවූයේ වෙයි, දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරු වූයේ වෙයි, දුක්ඛ නිරෝධ ගාමිණී ප්රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි.” “මහණෙනි, මේ ආර්යශ්රාවකතෙමේ ශ්රොතාපත්ති මාර්ග ඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”