3. 1. 14.
අඤ්ඤං ජීවං සූත්‍රය
219. සැවැත්නුවරදීය:
[2] “මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “රූපය ඇතිකල්හි රූපය නිසා රූපයට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක යන මේ දෘෂ්ටිය උපදී. සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘ජීවය අනිකක, ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී. විඥානය ඇතිකල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදී.
“මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? “රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩිකොට අල්වා නොගෙන ‘ජීවය අනිකක ශරීරය අනිකක’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේය.”
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය -පෙ- දක්නා ලද, අසන ලද, නාසය දිව කය යන තුනෙන් දැනගන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් විමසන ලද යම් මේ දෙයක් වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද? -පෙ- එය දැඩිලෙස නොගෙන “ජීවය අනිකක, ශරීරය අනිකකි” යන මේ දෘෂ්ටිය උපදින්නේද?
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි සැක දුරුවූයේ වෙයි, ඔහුට දුක පිළිබඳවද සැකදුරුවූයේ වෙයි, දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරු වූයේ වෙයි, දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි.” “මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ ශ්‍රොතාපත්ති මාර්ග ඵලයට පැමිණියෙකැයිද සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 15.
තථාගත සූත්‍රය. (1)
220. සැවැත්නුවරදීය:
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභවකොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරණ සේක් නම් මැනවි.” “මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය යන’ මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇතිකල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘සත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටි උපදියි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටි උපදියි. සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘සත්ත්ව තෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටි උපදියි.
[4] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වෙන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘සත්ත්වතෙමේ මරණින් මතු වන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?”
“ස්වාමීනි, එය නොවන්නේමය.”
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය -පෙ- දක්නා ලද, අසන ලද, නාසය දිව කය යන තුනෙන් දැනගන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, සිතින් විමසන ලද යම් මේ දෙයක් වේද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද? -පෙ- දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන “සත්ත්වයා මරණින් මතු වන්නේය” යන මේ දෘෂ්ටිය උපදින්නේද?
“ස්වාමීනි, එය නොවන්නේමය.”
[6] “මහණෙනි, යම්තැනක පටන් ආර්යශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි පැවති සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැකදුරුවූයේ වෙයි, දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි දුක්ඛ නිරෝධයෙහිද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. “මහණෙනි, මේ ආර්යශ්‍රාවකතෙමේ සෝවාන් මගපලට පැමිණියෙකැයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
3. 1. 16.
තථාගත සූත්‍රය (2)
221. සැවැත්නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ “සත්ත්වයා මරණින් මතු නොවන්නේය” යන මේ දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිහිටකොට ඇත්තාහ. මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක්නම් මැනවි.” “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය. “ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදින්නේය. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංඥාව ඇතිකල්හි සංඥාව නිසා සංඥාවට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. සංස්කාර ඇතිකල්හි සංස්කාර නිසා සංස්කාරයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් මතු නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි. විඥානය ඇති කල්හි විඥානය නිසා විඥානයට පැමිණ ‘සත්ත්වතෙමේ මරණින් නොවන්නේය’ යන මේ දෘෂ්ටිය උපදියි.