2. 2. 10.
වයධම්ම සූත්රය
179. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ. එකත්පසෙක හුන්නේය. එකත්පසක සිටි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීහ: “ස්වාමීනි, ‘ව්යයධර්ම, ව්යයධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, ව්යයධර්ම කවරේද?”
“රාධය, රූපය ව්යයධර්ම නම්වේ. වේදනාව ව්යයධර්ම නම්වේ. සංඥාව ව්යයධර්ම නම්වේ. සංස්කාර ව්යයධර්ම නම්වේ. විඤ්ඤාණය ව්යයධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්රහ්මචරියාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළ යුත්තක් නැතැයි දනියි.”
2. 2. 11.
සමුදයධම්ම සූත්රය
180. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, ‘සමුදය ධර්මය, සමුදය ධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, සමුදය ධර්මය කවරේද?”
“රාධය, රූපය සමුදය ධර්ම නම්වේ. වේදනාව සමුදය ධර්ම නම්වේ. සංඥාව සමුදය ධර්ම නම්වේ. සංස්කාර සමුදය ධර්ම නම්වේ. විඤ්ඤාණය සමුදය ධර්ම නම්වේ. රාධය, මෙසේ දකින්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුණේයයි නුවණ (පහළ) වෙයි. ජාතිය කෙළවර විය. බ්රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි” යනුයි.
2. 2. 12.
නිරොධධම්ම සූත්රය
181. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, ‘නිරෝධ ධර්මය, නිරෝධ ධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, නිරෝධ ධර්ම නම් කවරේද?”
“රාධය, රූපය නිරෝධ ධර්ම නම්වේ. වේදනාව නිරෝධ ධර්ම නම්වේ. සංඥාව නිරෝධ ධර්ම නම්වේ. සංස්කාර නිරෝධ ධර්ම නම්වේ. විඤ්ඤාණය නිරෝධ ධර්ම නම්වේ. රාධය මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි” යනුයි.
දෙවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
මාර සූත්රය, මාර ධම්ම සූත්රය, අනිත්ය සූත්රය, අනිත්ය ධම්ම සූත්රය, දුක්ඛ සූත්රය, දුක්ඛ ධම්ම සූත්රය, අනාත්ම සූත්රය, අනාත්ම ධම්ම සූත්රය, ඛය ධම්ම සූත්රය, වය ධම්ම සූත්රය, සමුදය ධම්ම සූත්රය සහ නිරෝධ ධම්ම සූත්රයයි.
3. ආයාචන වර්ගය
2. 3. 1.
මාර සූත්රය.
182. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණසේක්වා. ඒ මම භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව ජනයාගෙන් වෙන්ව අප්රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යෙදී ආත්ම පරිත්යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ ඡන්දය (කැමැත්ත) දුරු කටයුතුයි, රාගය දුරු කටයුතුයි, ඡන්දරාගය දුරු කටයුතුයි. රාධය, මාරයා නම් කවරේද:
රාධය රූපය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය, රාගය දුරු කළ යුතුය, ඡන්දරාගය දුරු කළ යුතුය. වේදනාව මාරයෙකි... සංඥාව මාරයෙකි... සංස්කාරයෝ මාරයෙකි... විඤ්ඤාණය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුයි, රාගය දුරු කළ යුතුයි, ඡන්දරාගය දුරු කළ යුතුයි. රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ ඡන්දය පහාතබ්බො, රාගො පහාතබ්බො, ඡන්දරාගො පහාතබ්බො.
2. 3. 2.
මාරධම්ම සූත්රය.
183. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා. ඒ මම භාග්යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව වෙන්ව, අප්රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්ම පරිත්යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ මාර ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත පහකළයුතුයි. එහි ඔබගේ ඇල්ම දුරුකළයුතුයි. එහි ඔබගේ බලවත් ඇල්ම දුරුකළ යුතුයි. රාධය, මාර ධර්මය නම් කවරේද? රූපය මාර ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුය. බලවත් ඇල්ම පහකළ යුතුය. වේදනාව... සංඥාව... සංස්කාර... විඤ්ඤාණය මාර ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුයි. බලවත් ඇල්ම පහකළ යුතුයයි වදාළේය. යම් ඒ මාරධර්මයෙක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය, ඇල්ම දුරුකළ යුතුය, බලවත් ඇල්ම දුරුකළ යුතුය.