2. 1. 8.
අරහන්ත සුත්තං
167. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳ ගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “රාධය, උපාදානස්කන්ධයෝ පස්දෙනෙක් වෙත්. ඒ කවරේද? එනම්, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යනුයි.
“රාධය, යම් හෙයකින් මහණතෙමේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දැන උපාදානයන් කෙරෙන් මනාකොට මිදුනේ වෙයිද, රාධය, මේ මහණතෙමේද අර්හත්වූ, ආශ්රවයන් ක්ෂයකළාවූ වැස නිමවනලද බ්රහ්මචර්යාව ඇත්තාවූ, කරන ලද කටයුතු ඇත්තාවූ, බහා තබනලද බර ඇත්තාවූ, තමාගේ අර්ථයට පැමිණියාවූ විනාශ කළ භව බැඳුම් ඇත්තාවූ, මනාව දැන මිදුනාවූ පුද්ගලයායයි කියනු ලැබේයයි වදාළේය.
2. 1. 9.
ඡන්දරාග සුත්තං
168. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසක හිඳ ගත්තේය. එකත්පසක හුන් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක් යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද එය දුරු කරව්. මෙසේ ඒ රූපය ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, නැතිකරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය. “වේදනාවෙහි වනාහි යම් කැමැත්තක්, යම් ඇල්මක් යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්රහීනවූයේ සිඳිනලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය. “සංඥාවෙහි යම් කැමැත්තක් යම් ඇල්මක් යම් සතුටක් යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව් මෙසේ ඒ සංඥාව ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය. “සංස්කාරයන්හි වනාහි යම් කැමැත්තක්, යම් ඇල්මක් යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරුකරව්. මෙසේ ඒ සංස්කාරයන් ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය. “විඤ්ඤාණයෙහි යම් කැමැත්තක්, ඇල්මක්, සතුටක්, යම් තෘෂ්ණාවක් වෙයිද, එය දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්රහීන වූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේයයි” වදාළේය.
2. 1. 10.
දුතිය ඡන්දරාග සුත්තං
169. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“රාධය, රූපයෙහි වනාහි යම් කැමැත්තක්, ඇල්මක්, සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ රූපය ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය.
“වේදනාවෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක් යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ වේදනාව ප්රහීනවූයේ සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැති කරණ ලද්දේ නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේය. “සංඥාවෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක්, අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්, මෙසේ ඒ සංඥාව ප්රහීනවූයේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාව කොට ඇත්තේ වන්නේය. “සංස්කාරයන්හි යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ සංස්කාර ප්රහීනවූයේ, සිඳින ලද මුල් ඇත්තේ, සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැති කරන ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවය කොට ඇත්තේ වන්නේය. “විඤ්ඤාණයෙහි යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක්, යම් උපාය උපාදාන කෙනෙක් අකුසල චිත්තයාගේ අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් වෙත්ද, ඔවුන් දුරු කරව්. මෙසේ ඒ විඤ්ඤාණය ප්රහීනවූයේ සිඳිනලද මුල් ඇත්තේ සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ, නැවත නොඉපදීම ස්වභාවකොට ඇත්තේ වන්නේයයි” වදාළේය.
රාධ සංයුත්තයේ පළමුවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
මාර සූත්රය, සත්ව සූත්රය, භවනෙත්ති සූත්රය, පරිඤ්ඤෙය්ය සූත්රය, ශ්රමණ සූත්ර දෙක, සෝතාපන්න සූත්රය, අරහ සූත්රය සහ ඡන්ද රාග සූත්ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්ර දසයකි.