13. 1. 8.
සක්කච්චකාරී සූත්රය
669. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත් වේ. සමාධියෙහි මනාව කරන්නෙක් නොවේ.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි මනාව කරන්නෙක් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවේ. සමාධියෙහි මනාව කරන්නෙක්ද නොවේ.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත් වෙයි, සමාධියෙහි මනාව කරන්නෙක්ද වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියෙහි මනාව කරන්නෙක්ද වේද, මේ තෙමේ මේ ධ්යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්රද, ශ්රේෂ්ඨද, ප්රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 9.
සාතච්චකාරී සූත්රය
670. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, ධ්යානයෙහි නිතර කරන්නෙක් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ ධ්යානයෙහි නිතර කරන්නෙක් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවේ.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවේ. සමාධියෙහි නිතර කරන්නෙක්ද නොවේ.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත්වේ, සමාධියෙහි නිතර කරන්නෙක්ද වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියෙහි නිතර කරන්නෙක්ද වේද, මේ තෙමේ මේ ධ්යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්රද, ශ්රේෂ්ඨද, ප්රධානද, උතුම්ද, උසස්ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 10.
සප්පායකාරී සූත්රය
671. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි අදක්ෂ වෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධි උපකාර ධර්මයන් පිරීමෙහි දක්ෂවෙයි, සමාධියෙහි අංග දැනීමෙහි අදක්ෂවෙයි.