13. 1. 6.
ගොචර කුසල සූත්රය
667. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, ධ්යානයට සුදුසු කමටහන්හිද යෝග්ය පිණ්ඩපාතයෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ ධ්යානයට සුදුසු කමටහන්හි හා යෝග්ය පිණ්ඩපාතයෙහිද සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියට සුදුසු කමටහන්හි හා යෝග්ය පිණ්ඩපාතයෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් වෙයි, සුදුසු කමටහන්හි හා යෝග්ය පිණ්ඩපාතයෙහිද සමත් වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සුදුසු කමටහන්හි හා යෝග්ය පිණ්ඩපාතයෙහිද සමත්වේද, මේ තෙමේ මේ ධ්යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්රද, ශ්රේෂ්ඨද, ප්රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 7.
අභිනීහාර කුසල සූත්රය
668. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත් වෙයි, සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහි සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත් වෙයි, සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහිත් සමත් වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියට කර්මස්ථානය පැමිණවීමෙහිත් සමත්වේද, මේ තෙමේ මේ ධ්යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්රද, ශ්රේෂ්ඨද, ප්රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 8.
සක්කච්චකාරී සූත්රය
669. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත් වේ. සමාධියෙහි මනාව කරන්නෙක් නොවේ.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි මනාව කරන්නෙක් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි.