13. 1. 53.
සක්කච්චසාතච්චකාරී සුත්තං
714. සැවැත් නුවරදී ය:
714. 53. (1) සමාධිය අර්පණාවට පැමිණවීම සකසා කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේ වෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේද වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර නොකරන්නේද (4) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේද වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේද වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් ... උතුම් ද පවර ද වේ.
13. 1. 54.
සක්කච්චසප්පායකාරී සුත්තං
715. සැවැත් නුවරදී ය:
715. 54. (1) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් නුපුරන්නේ වෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ නොවෙයි. (3) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ නොවෙයි (4) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි.
13. 1. 55.
සාතච්චසප්පායකාරී සුත්තං
716. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
716. (1) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර නොකරන්නේ වෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් නුපුරන්නේ වෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේද වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි සාතච්චකාරී ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද පවර ද වේ. මහණෙනි, යම් සේ දෙනගෙන් කිරි ද, කිරෙන් දී ද, දීයෙන් වෙඬරු ද, වෙඬරුවෙන් ගිතෙල් ද, ගිතෙලින් ගිතෙල් මණ්දය ද, එහි අග්‍ර යයි කියනු ලැබේ ද; මහණෙනි, එසේම යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි සාතච්චකාරී ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද පවර ද වේ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
(මෙසේ ඒ පෙය්යාල මුඛ පනස් පහක් වූ වෙය්යාකරණයෝ විස්තර කළ යුත්තාහ.)
ධ්‍යාන වර්ගය පළමුවැනියි.
එහි උද්දානය :
සමාධි, සමාපත්ති, ඨිති, වුට්ඨාන, කල්ලිත, ආරම්මණ, ගොචර, අභිනීහාර, සක්කච්ච, සාතච්ච සහ සප්පාය ද වේ.
ධ්‍යායී සංයුත්තය නිමි.
එහි උද්දානය :
නකුලපිතු, අනිච්ච, භාර, නතුම්හාක, අත්තදීප යන සූත්‍ර ද සමග පළමු පනස් සූත්‍ර යයි කියනු ලැබේ.
උපය, අරහන්ත, ඛජ්ජනීය, ථේර, පුප්ඵ යන සූත්‍ර සමග මැද පනස සම්බුදුරදුන් විසින් වදාරන ලදී.
අන්ත, ධම්මකථික, අවිජ්ජා, කුක්කුළ, දිට්ඨි යන සූත්‍ර සමග තෙවන පනස නිපාතය යයි කියනු ලැබේ.
ගන්ධ, දිට්ඨි, ඔක්කන්ති, උප්පාද, කිලෙස, සාරිපුත්ත, නාග, සුපණ්ණ, ගන්ධබ්බකායික, වලාහ, වච්ඡගොත්ත සහ ධ්‍යාන යන මේවා දහඅටක් වේ.