13. 1. 48.
ගොචර සාතච්චකාරී සුත්තං
709. සැවැත් නුවරදී ය:
709. 48. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියා කරන්නේ නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි.
13. 1. 49.
ගොචර සප්පායකාරී සුත්තං
710. සැවැත් නුවරදී ය:
710. 49. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවේ. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි.
13. 1. 50.
අභිනීහාර සක්කච්චකාරී සුත්තං
711. සැවැත් නුවරදී ය:
711. 50. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේ වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහිද සමත් නොවෙයි සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සකසා කරන්නේද නොවෙයි. (4) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේද වෙයි.
13. 1. 51.
අභිනීහාර සාතච්චකාරී සුත්තං
712. සැවැත් නුවරදී ය:
712. 51. (1) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්‍රියාකරන්නේ වෙයි.
13. 1. 52.
අභිනීහාරසප්පායකාරී සුත්තං
713. සැවැත් නුවරදී ය:
713. 52. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේවෙයි.
13. 1. 53.
සක්කච්චසාතච්චකාරී සුත්තං
714. සැවැත් නුවරදී ය:
714. 53. (1) සමාධිය අර්පණාවට පැමිණවීම සකසා කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේ වෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේද වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර නොකරන්නේද (4) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේද වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේද වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් ... උතුම් ද පවර ද වේ.
13. 1. 54.
සක්කච්චසප්පායකාරී සුත්තං
715. සැවැත් නුවරදී ය:
715. 54. (1) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් නුපුරන්නේ වෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ නොවෙයි. (3) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා සකසා කරන්නේ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ නොවෙයි (4) සමාධිය ධ්‍යානයට පැමිණවීම සඳහා කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි.
13. 1. 55.
සාතච්චසප්පායකාරී සුත්තං
716. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
716. (1) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේ වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර නොකරන්නේ වෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් නුපුරන්නේ වෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර කරන්නේද වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේ වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි සාතච්චකාරී ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද පවර ද වේ. මහණෙනි, යම් සේ දෙනගෙන් කිරි ද, කිරෙන් දී ද, දීයෙන් වෙඬරු ද, වෙඬරුවෙන් ගිතෙල් ද, ගිතෙලින් ගිතෙල් මණ්දය ද, එහි අග්‍ර යයි කියනු ලැබේ ද; මහණෙනි, එසේම යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි සාතච්චකාරී ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද පවර ද වේ.