13. 1. 44.
ආරම්මණ සාතච්චකාරී සුත්තං
705. සැවැත් නුවරදී ය:
44. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියාකරන්නේ වෙයි. සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියා නොකරන්නේ වෙයි (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියා කරන්නේ වෙයි.
13. 1. 45.
ආරම්මණ සප්පායකාරී සුත්තං
706. සැවැත් නුවරදී ය:
45. (1) සමාධි ආරම්මණයෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් වෙයි. සමාධි ආරම්මණයෙහි සමත් නොවෙයි. (3) සමාධි ආරම්මණයෙහි සමත් නොවෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (4) සමාධි ආරම්මණයෙහි සමත්වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් වෙයි.
13. 1. 46.
ගොචර අභිනීහාර සුත්තං
707. සැවැත් නුවරදී ය:
707. 46. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි.
13. 1. 47.
ගොචර සක්කච්චකාරී සුත්තං
708. සැවැත් නුවරදී ය:
708. 47. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියා නොකරයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියා කරයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියා නොකරයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියාකරයි.
13. 1. 48.
ගොචර සාතච්චකාරී සුත්තං
709. සැවැත් නුවරදී ය:
709. 48. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්රියාකරන්නේ වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්රියා කරන්නේ නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්රියාකරන්නේ වෙයි.
13. 1. 49.
ගොචර සප්පායකාරී සුත්තං
710. සැවැත් නුවරදී ය:
710. 49. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂවේ. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි.
13. 1. 50.
අභිනීහාර සක්කච්චකාරී සුත්තං
711. සැවැත් නුවරදී ය:
711. 50. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේ වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහිද සමත් නොවෙයි සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සකසා කරන්නේද නොවෙයි. (4) සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීම සඳහා සකසා කරන්නේද වෙයි.
13. 1. 51.
අභිනීහාර සාතච්චකාරී සුත්තං
712. සැවැත් නුවරදී ය:
712. 51. (1) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අපර්ණාවට පැමිණවීමෙහි නිතර ක්රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්රියාකරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්රියාකරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි නිතර ක්රියාකරන්නේ වෙයි.
13. 1. 52.
අභිනීහාරසප්පායකාරී සුත්තං
713. සැවැත් නුවරදී ය:
713. 52. (1) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (3) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් සම්පූර්ණ කරන්නේවෙයි.