13. 1. 41.
ආරම්මණ ගොචර සුත්තං
702. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ සුදුසු පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි.
සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධි ආරම්මණයන්හි සමත් නොවෙයි.
සමාධි ආරම්මණයන්හිද අදක්ෂවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සහ පිණ්ඩපාතයෙහිද අදක්ෂ වෙයි.
සමාධි ආරම්මණයන්හිද දක්ෂවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි සහ පිණ්ඩපාතයෙහිද දක්ෂවෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්යායියෙක් ... උතුම් ද වේ.
13. 1. 42.
ආරම්මණ අභිනීහාර සුත්තං
703. සැවැත් නුවරදී ය:
42. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධි අර්පණාවට පැමිණවීමෙහි දක්ෂ නොවෙයි (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂවෙයි. සමාධි ආරම්මණයන්හි දක්ෂනොවෙයි. (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂ නොවෙයි. (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂවෙයි.
13. 1. 43.
ආරම්මණ සක්කච්චකාරී සුත්තං
704. සැවැත් නුවරදී ය:
43. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සකසා නොකරන්නේ වෙයි (2) සමාධිය අර්පණාවට නැගීම හොඳින් කෙරෙයි, සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි. (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට නැගීම හොඳින් නොකෙරෙයි. (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට නැගීම හොඳින් කෙරෙයි.
13. 1. 44.
ආරම්මණ සාතච්චකාරී සුත්තං
705. සැවැත් නුවරදී ය:
44. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියාකරන්නේ වෙයි. සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියා නොකරන්නේ වෙයි (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්රියා කරන්නේ වෙයි.
13. 1. 45.
ආරම්මණ සප්පායකාරී සුත්තං
706. සැවැත් නුවරදී ය:
45. (1) සමාධි ආරම්මණයෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් වෙයි. සමාධි ආරම්මණයෙහි සමත් නොවෙයි. (3) සමාධි ආරම්මණයෙහි සමත් නොවෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි. (4) සමාධි ආරම්මණයෙහි සමත්වෙයි, සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් වෙයි.
13. 1. 46.
ගොචර අභිනීහාර සුත්තං
707. සැවැත් නුවරදී ය:
707. 46. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් වෙයි.
13. 1. 47.
ගොචර සක්කච්චකාරී සුත්තං
708. සැවැත් නුවරදී ය:
708. 47. (1) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියා නොකරයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියා කරයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි. (3) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියා නොකරයි. (4) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි හා පිණ්ඩපාතයෙහි දක්ෂ වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට මනාව ක්රියාකරයි.