13. 1. 4.
කල්ලිත කුසල සූත්‍රය
665. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධියෙහි ධ්‍යානාංග දැනීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි ධ්‍යානාංග දැනීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත්වේද, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද, කිරට වඩා දීද, දීවලට වඩා වෙඬරුද, වෙඬරුවලට වඩා ගිතෙල්ද, ගිතෙල්වලට වඩා ගිතෙල් මණ්ඩයද, එහි යම් සේ උතුම්යයි කියනු ලැබේද, එපරිද්දෙන්ම මහණෙනි, යම් ඒ ධ්‍යානලාභි පුද්ගලයෙක්... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 5.
ආරම්මණ කුසල සූත්‍රය
666. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, සමාධියෙහි කසිණාරම්මණයන්හි සමත් නොවෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි කසිණාරම්මණයන්හි සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිද සමත් නොවෙයි, සමාධියෙහි කසිණාරම්මණයන්හිද සමත් නොවෙයි. මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත් වෙයි, සමාධියෙහි කසිණාරම්මණයෙහිත් සමත් වෙයි.
මහණෙනි, එහි යම් ඒ ධ්‍යානලාභියෙක් තෙමේ සමාධියෙහි අංග දැනීමෙහිත් සමත්වේද සමාධියෙහි කසිණාරම්මණයෙහිත් සමත්වේද, මේ තෙමේ මේ ධ්‍යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්‍රද, ශ්‍රේෂ්ඨද, ප්‍රධානද, උතුම්ද, උසස්ද වෙයි.
මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද, කිරට වඩා දීද, දීවලට වඩා වෙඬරුද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 6.
ගොචර කුසල සූත්‍රය
667. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්‍යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙම සමාධියෙහි අංග දැනීමෙහි සමත්වෙයි, ධ්‍යානයට සුදුසු කමටහන්හිද යෝග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්‍යාන ලාභියෙක් තෙමේ ධ්‍යානයට සුදුසු කමටහන්හි හා යෝග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් වෙයි, සමාධියෙහි අංග දැනීමෙහි සමත් නොවෙයි.