13. 1. 37.
කල්ලිත අභිනීහාර සුත්තං
698. සැවැත් නුවරදී ය:
37. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි.
13. 1. 38.
කල්ලිත සක්කච්චකාරී සුත්තං
699. සැවැත් නුවරදී ය:
38. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියාකරන්නේ වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියා නොකරන්නේ වෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියා කරන්නේ වෙයි.
13. 1. 39.
කල්ලිත සාතච්චකාරී සුත්තං
700. සැවැත් නුවරදී ය:
39. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා නොකරන්නේ වෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියා කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා නිතර ක්‍රියාකරන්නේ වෙයි.
13. 1. 40.
කල්ලිත සප්පායකාරී සුත්තං
701. සැවැත් නුවරදී ය:
40. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධියට උපකාර දහම් සම්පූර්ණ නොකරන්නේ වෙයි (2) සමාධියට උපකාර දහම් සම්පූර්ණකරන්නේ වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධියට උපකාර දහම් සම්පූර්ණ කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධියට උපකාර දහම් සම්පූර්ණ කරන්නේ වෙයි.
13. 1. 41.
ආරම්මණ ගොචර සුත්තං
702. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
සමාධි ආරම්මණයන්හි දක්ෂ වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ සුදුසු පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි.
සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධි ආරම්මණයන්හි සමත් නොවෙයි.
සමාධි ආරම්මණයන්හිද අදක්ෂවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සහ පිණ්ඩපාතයෙහිද අදක්ෂ වෙයි.
සමාධි ආරම්මණයන්හිද දක්ෂවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි සහ පිණ්ඩපාතයෙහිද දක්ෂවෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් ... උතුම් ද වේ.
13. 1. 42.
ආරම්මණ අභිනීහාර සුත්තං
703. සැවැත් නුවරදී ය:
42. (1) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධි අර්පණාවට පැමිණවීමෙහි දක්ෂ නොවෙයි (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂවෙයි. සමාධි ආරම්මණයන්හි දක්ෂනොවෙයි. (3) සමාධි ආරම්මණයන්හි දක්ෂ නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂ නොවෙයි. (4) සමාධි ආරම්මණයන්හි දක්ෂවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි දක්ෂවෙයි.