13. 1. 30.
වුට්ඨාන ගොචර සුත්තං
691. සැවැත් නුවරදී ය:
30. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයෙහිද යොග්‍ය පිණ්ඩපාතයෙහිද සමත් නොවෙයි. (2) සමාධියට සුදුසු කර්මස්ථානයන්හි යොග්‍ය පිණ්ඩපාතයෙහි සමත් වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියට සුදුසු කර්මස්ථානයන්හි යොග්‍ය පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියට සුදුසු කර්මස්ථානයන්හි යොග්‍ය පිණ්ඩපාතයෙහි සමත් වෙයි.
13. 1. 31.
වුට්ඨාන අභිනීහාර සුත්තං
692. සැවැත් නුවරදී ය:
31. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වේ. සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි.
13. 1. 32.
වුට්ඨාන සක්කච්චකාරී සුත්තං
693. සැවැත් නුවරදී ය:
32. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වේ. සමාධියෙහි සකසා කරන්නේ නොවෙයි. (2) සමාධියෙහි සකසා කරන්නේ වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි සකසා කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සකසා කරන්නේ වෙයි.
13. 1. 33.
වුට්ඨාන සාතච්චකාරී සුත්තං
694. සැවැත් නුවරදී ය:
33. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි නිතර කරන්නේ නොවෙයි. (2) සමාධියෙහි නිතර කරන්නේ වෙයි, සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි නිතර කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි නිතර කරන්නේ වෙයි.
13. 1. 34.
වුට්ඨාන සප්පායකාරී සුත්තං
695. සැවැත් නුවරදී ය:
සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියට උපකාරක ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි.
සමාධියට උපකාරක ධර්මයන් පිරීමෙහි සමත්වෙයි. සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි,
සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිද සමත් නොවෙයි. සමාධියට උපකාර ධර්මයන් නොකරන්නේද වෙයි.
සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිද සමත්වෙයි. සමාධියට උපකාර ධර්මයන් පුරන්නේද වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි වුට්ඨාන කුසල ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ... උතුම් ද වේ.
13. 1. 35.
කල්ලිත ආරම්මණ සුත්තං
696. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි දක්ෂවෙයි, සමාධියෙහි ආරම්මණයෙහි සමත් නොවෙයි.
සමාධියෙහි ආරම්මණයෙහි සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි.
සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිද සමත් නොවෙයි, සමාධියෙහි ආරම්මණයන්හිද සමත් නොවෙයි.
සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහිත් සමත්වේ, සමාධියෙහි ආරම්මණයෙහිත් සමත්වේ.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි කල්ලිත කුසල ද වේ ද, සමාධියෙහි ආරම්මණ කුසල ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ... උතුම් ද වේ.
13. 1. 36.
කල්ලිත ගොචර සුත්තං
697. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
36. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (2) සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සහ පිණ්ඩපාතයෙහි සමත්වෙයි.
13. 1. 37.
කල්ලිත අභිනීහාර සුත්තං
698. සැවැත් නුවරදී ය:
37. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් නොවෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමට සමත් වෙයි.
13. 1. 38.
කල්ලිත සක්කච්චකාරී සුත්තං
699. සැවැත් නුවරදී ය:
38. (1) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියාකරන්නේ නොවෙයි. (2) සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියාකරන්නේ වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියා නොකරන්නේ වෙයි. (4) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීම සඳහා මනාව ක්‍රියා කරන්නේ වෙයි.