13. 1. 27.
ඨිති සප්පායකාරී සුත්තං
688. සැවැත් නුවරදී ය:
සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි. සමාධියට උපකාරක ධර්මයන් පිරීමට අසමත් වෙයි.
සමාධියට උපකාරක ධර්මයන් පිරීමට සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි,
සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. සමාධියට උපකාරක ධර්මයන් පිරීමට සමත් නොවෙයි,
සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි උපකාරක ධර්මයන් පිරීමට සමත් වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්යායියෙක් සමාධියෙහි ඨිති කුසල ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්යායීන් සතරදෙනා අතුරෙන් අග්ර ද ... උතුම් ද වේ.
13. 1. 28.
වුට්ඨාන කල්ලිත සුත්තං
689. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි.
සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධියෙන් සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි.
සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි.
සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහිත් සමත්වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්යායියෙක් සමාධියෙහි වුට්ඨාන කුසල ද වේ ද, සමාධියෙහි කල්ලිත කුසල ද වේ ද, හෙතෙම මේ ධ්යායීන් සතරදෙනා අතුරෙන් අග්ර ද ... උතුම් ද වේ.
13. 1. 29.
වුට්ඨාන ආරම්මණ සුත්තං
690. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
29. (1) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි (2) සමාධියෙහි ආරම්මණයන්හි සමත්වෙයි, සමාධියෙහි සමවතින් නැගීසිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතින් නැගීසිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතින් නැගී සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත්වෙයි.