13. 1. 19.
සමාපත්තිමූලකසප්පායකාරීසුත්තං
680. සැවැත් නුවරදී ය:
සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධ්‍යායියෙක් සමාධියෙහි සප්පායකාරී ද නොවේ, සමාධියෙහි සමාපත්ති කුසල ද නොවේ.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධ්‍යායියෙක් සමාධියෙහි සමාපත්ති කුසල ද නොවේ, සමාධියෙහි සප්පායකාරී ද නොවේ.
සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත්වේ. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වේ.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි සමාපත්ති කුසල ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උතුම් ද පවර ද වේ.
13. 1. 20.
ඨිති වුට්ඨාන සුත්තං
681. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙන් නැගිටීමෙහි සමත් නොවෙයි.
සමාධියෙන් නැගිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමට සමත් නොවේ.
සමාධියෙහි සිටීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිටීමෙහිද සමත් නොවෙයි.
සමාධියෙහි සිටීමෙහිත් සමත්වෙයි, සමාධියෙන් නැගිටීමෙහිද සමත්වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්‍යායියෙක් සමාධියෙහි ඨිති කුසල ද වේ ද, සමාධියෙහි වුට්ඨාන කුසල ද වේ ද, හෙතෙම මේ ධ්‍යායීන් සතරදෙනා අතුරෙන් අග්‍ර ද ... උතුම් ද වේ.
13. 1. 21.
ඨිති කල්ලිත සුත්තං
682. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්‍යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
21. (1) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි.
13. 1. 22.
ඨිති ආරම්මණ සුත්තං
683. සැවැත් නුවරදී ය:
22. (1) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි. (2) සමාධියෙහි ආරම්මණයන්හි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි (4) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි ආරම්මණයන්හි සමත් වෙයි.
13. 1. 23.
ඨිති ගොචර සුත්තං
684. සැවැත් නුවරදී ය:
23. (1) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සමත් නොවෙයි. (2) සමාධියට සුදුසු කමටහන්හි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. සමාධියට සුදුසු කමටහන්හි සමත් නොවෙයි, (4) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි, සමාධියට සුදුසු කමටහන්හි සමත්වෙයි.
13. 1. 24.
ඨිති අභිනීහාර සුත්තං
685. සැවැත් නුවරදී ය:
24. (1) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි (2) සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධිය අර්පණාවට පැමිණවීමෙහි සමත්වෙයි.
13. 1. 25.
ඨිති සක්කච්චකාරී සුත්තං
686. සැවැත් නුවරදී ය:
25. (1) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට කරන්නේ වෙයි. සමාධියෙහි සිටීමට සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමට සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සිටීමට සමත්වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාකොට කරන්නේ වෙයි.
13. 1. 26.
ඨිති සාතච්චකාරී සුත්තං
687. සැවැත් නුවරදී ය:
26. (1) සමාධියෙහි පිහිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ නොවෙයි (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ වෙයි. සමාධියෙහි පිහිටීමට සමත් නොවෙයි (3) සමාධියෙහි පිහිටීමට සමත් නොවෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ නොවෙයි. (4) සමාධියේ පිහිටීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කරන්නේ වෙයි.
13. 1. 27.
ඨිති සප්පායකාරී සුත්තං
688. සැවැත් නුවරදී ය:
සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි. සමාධියට උපකාරක ධර්මයන් පිරීමට අසමත් වෙයි.