13. 1. 16.
සමාපත්තිමූලකඅභිනීහාරසුත්තං
677. සැවැත් නුවරදී ය:
677. (1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට (ධ්යානයේ පළමු අවස්ථාවට) පැමිණීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත්වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත්වෙයි.
13. 1. 17.
සමාපත්තිමූලකසක්කච්චසුත්තං
678. සැවැත් නුවරදී ය:
678. (1) සමාධියෙහි සමවතට වැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතුකරන්නේ වෙයි.
13. 1. 18.
සමාපත්තිමූලකසාතච්චසුත්තං
679. සැවැත් නුවරදී ය:
679. (1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ වෙයි.
13. 1. 19.
සමාපත්තිමූලකසප්පායකාරීසුත්තං
680. සැවැත් නුවරදී ය:
සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධ්යායියෙක් සමාධියෙහි සප්පායකාරී ද නොවේ, සමාධියෙහි සමාපත්ති කුසල ද නොවේ.
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් ධ්යායියෙක් සමාධියෙහි සමාපත්ති කුසල ද නොවේ, සමාධියෙහි සප්පායකාරී ද නොවේ.
සමාධියට උපකාර ධර්මයන් පිරීමෙහි සමත්වේ. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වේ.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්යායියෙක් සමාධියෙහි සමාපත්ති කුසල ද වේ ද, සමාධියෙහි සප්පායකාරී ද වේ ද, හෙතෙම මේ ධ්යායීන් සතරදෙනා අතුරෙන් අග්ර ද ශ්රේෂ්ඨ ද ප්රමුඛ ද උතුම් ද පවර ද වේ.
13. 1. 20.
ඨිති වුට්ඨාන සුත්තං
681. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙන් නැගිටීමෙහි සමත් නොවෙයි.
සමාධියෙන් නැගිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමට සමත් නොවේ.
සමාධියෙහි සිටීමෙහිද සමත් නොවෙයි. සමාධියෙහි සිටීමෙහිද සමත් නොවෙයි.
සමාධියෙහි සිටීමෙහිත් සමත්වෙයි, සමාධියෙන් නැගිටීමෙහිද සමත්වෙයි.
මහණෙනි, ඔවුන් අතුරෙන් යම් මේ ධ්යායියෙක් සමාධියෙහි ඨිති කුසල ද වේ ද, සමාධියෙහි වුට්ඨාන කුසල ද වේ ද, හෙතෙම මේ ධ්යායීන් සතරදෙනා අතුරෙන් අග්ර ද ... උතුම් ද වේ.
13. 1. 21.
ඨිති කල්ලිත සුත්තං
682. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
21. (1) සමාධියෙහි සිටීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි. සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සිටීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සිටීමෙහි සමත් වෙයි, සමාධියෙහි සිත ශක්තිමත් කිරීමෙහි සමත්වෙයි.