13. 1. 14.
සමාපත්ති ආරම්මණ කුසල සූත්රය
675. සැවැත් නුවරදීය:
මහණෙනි, මේ ධ්යානලාභීහු සතරදෙනෙක් වෙත්. ඒ සතරදෙන කවරහුදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙම සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි ආරම්මණයන්හි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි ආරම්මණයන්හි සමත් වෙයි. සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි ආරම්මණයන්හිත් සමත් නොවෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහිත් සමත් නොවෙයි.
මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් ධ්යාන ලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිත් සමත්වේ, සමාධියෙහි ආරම්මණයන්හිත් සමත්වේ.
මහණෙනි, එහි යම් ඒ ධ්යානලාභියෙක් තෙමේ සමාධියෙහි සමවතට සමවැදීමෙහිත් සමත්වේ, සමාධියෙහි ආරම්මණයන්හිත් සමත්වේ, මේ තෙමේ මේ ධ්යානලාභි පුද්ගලයන් සතරදෙනාගෙන්ම අග්රද, ශ්රේෂ්ඨද, ප්රධානද, උතුම්ද, උසස්ද වෙයි. මහණෙනි, යම්සේ දෙනට වඩා කිරිද... උසස්ද වේයයි’ වදාළේය.
13. 1. 15.
සමාපත්තිමූලකගොචරසුත්තං
676. සැවැත් නුවරදී ය:
මහණෙනි, මේ ධ්යායීහු සතර දෙනෙක් වෙති. කවර සතර දෙනෙක් ද යත්:
676. (1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වේ, සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි අදක්ෂ වූයේ වෙයි. (2) සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි දක්ෂවූයේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවේ. (3) සමාධියෙහි සමවතට සම වැදීමෙහි සමත් නොවේ. සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි දක්ෂවූයේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වේ, සමාධියට සුදුසු කර්මස්ථානයෙහි සුදුසු පිණ්ඩපාතයෙහි දක්ෂවේ.
(සතර කොටස විස්තර කළ යුතුය)
13. 1. 16.
සමාපත්තිමූලකඅභිනීහාරසුත්තං
677. සැවැත් නුවරදී ය:
677. (1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට (ධ්යානයේ පළමු අවස්ථාවට) පැමිණීමෙහි සමත් නොවෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත්වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත් නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීමෙහි සමත්වෙයි.
13. 1. 17.
සමාපත්තිමූලකසක්කච්චසුත්තං
678. සැවැත් නුවරදී ය:
678. (1) සමාධියෙහි සමවතට වැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතු කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා මනාව කටයුතුකරන්නේ වෙයි.
13. 1. 18.
සමාපත්තිමූලකසාතච්චසුත්තං
679. සැවැත් නුවරදී ය:
679. (1) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත්වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු නොකරන්නේ වෙයි. (2) සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ වෙයි, සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි. (3) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් නොවෙයි, සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ නොවෙයි. (4) සමාධියෙහි සමවතට සමවැදීමෙහි සමත් වෙයි. සමාධියෙහි අර්පණාවට පැමිණීම සඳහා නිතර කටයුතු කරන්නේ වෙයි.