12. 1. 53.
53. සඤ්ඤා අපච්චක්ඛකම්ම සූත්රය
659. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, සඤ්ඤාව ප්රත්යක්ෂ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 54.
54. සංඛාර අපච්චක්ඛකම්ම සූත්රය
660. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, සංස්කාරයන් ප්රත්යක්ෂ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 55.
55. විඤ්ඤාණ අපච්චක්ඛකම්ම සූත්රය
661. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, විඤ්ඤාණය ප්රත්යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය හට ගැනීමේ හේතුව ප්රත්යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය නිරුද්ධවීම ප්රත්යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය නිරුද්ධ වීමේ මාර්ගය ප්රත්යක්ෂ නොකිරීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
“වච්ඡය, මේ ඊට හේතුවයි, මේ ඊට ප්රත්යයයි, යම් හෙයකින් ලෝකයෙහි මෙබඳු නොයෙක් දෘෂ්ටීහු උපදිත් ද: ‘ලෝකය නිත්යය කියා හෝ, ලෝකය නිත්ය නොවේය කියා හෝ, ලෝකය කෙළවරක් ඇත්තේය කියා හෝ, ලෝකය කෙළවරක් නැත්තේය කියා හෝ, එයම ජීවයයි එයම ශරීරයයි කියා හෝ, ජීවය අනිකකි ශරීරය අනිකකි කියා හෝ, මරණයෙන් මතු සත්ත්ව තෙමේ වේයයි කියා හෝ, මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවේයයි කියා හෝ, මරණයෙන් මතු සත්ත්ව තෙමේ වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා හෝ, මරණයෙන් මතු සත්ත්ව තෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’යි.”
පළමුවන වච්ඡගොත්ත වර්ගයයි.
(මේ වර්ගයේ සූත්ර පනස් පහක් වෙයි.)
එහි උද්දානය :
අඤ්ඤාණ, අදස්සන, අනභිසමය, අනනුබොධ, අප්පටිවෙධ, අසල්ලක්ඛණ, අනුපලක්ඛණ, අපච්චුපලක්ඛණ, අසමපෙක්ඛණ, අපච්චුපෙක්ඛණ හා අපච්චක්ඛකම්ම යැයි සූත්රයෝ වෙති.
වච්ඡගොත්ත සංයුත්තය නිමි.