12. 1. 46-50.
රූපාදී අපච්චුපෙක්ඛණ සූත්‍ර
652-656. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, රූපය නැවත නැවත නොබැලීම නිසා... (පෙ)...”
12. 1. 51.
51. රූප අපච්චක්ඛකම්ම සූත්‍රය
657. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, රූපය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, රූපසමුදය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, රූපනිරොධය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, රූපනිරොධගාමිණී ප්‍රතිපදාව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 52.
52. වෙදනා අපච්චක්ඛකම්ම සූත්‍රය
658. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, වේදනාව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 53.
53. සඤ්ඤා අපච්චක්ඛකම්ම සූත්‍රය
659. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, සඤ්ඤාව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 54.
54. සංඛාර අපච්චක්ඛකම්ම සූත්‍රය
660. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, සංස්කාරයන් ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා... (පෙ)...”
12. 1. 55.
55. විඤ්ඤාණ අපච්චක්ඛකම්ම සූත්‍රය
661. සැවැත් නුවරදී ය:
“... (පෙ)... වච්ඡය, විඤ්ඤාණය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය හට ගැනීමේ හේතුව ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය නිරුද්ධවීම ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය නිරුද්ධ වීමේ මාර්ගය ප්‍රත්‍යක්ෂ නොකිරීම නිසා මේ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්: ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”