12. 1. 11.
11. රූප අනභිසමය සූත්‍රය
617. සැවැත් නුවරදී ය:
එකත්පසෙක හුන් වච්ඡගොත්ත පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: “භවත් ගෞතමයන් වහන්ස, යම් ඒ නොයෙක් දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත්. ‘ලෝකය නිත්‍යය කියා හෝ... (පෙ)... ඊට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“වච්ඡය, රූපයෙහි අවබෝධය නැති නිසා... (පෙ)...”
12. 1. 12.
12. වෙදනා අනභිසමය සූත්‍රය
618. සැවැත් නුවරදී ය:
“වච්ඡය, වේදනාවෙහි අවබෝධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 13.
13. සඤ්ඤා අනභිසමය සූත්‍රය
619. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සඤ්ඤාවෙහි අවබෝධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 14.
14. සංඛාර අනභිසමය සූත්‍රය
620. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සංස්කාරයන්ගේ අවබෝධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 15.
15. විඤ්ඤාණ අනභිසමය සූත්‍රය
621. සැවැත් නුවරදී ය:
“වච්ඡය, විඤ්ඤාණයේ අවබෝධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 16.
16. රූප අනනුබොධ සූත්‍රය
622. සැවැත් නුවරදී ය:
“වච්ඡය, රූපයෙහි අනුබෝධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 17.
17. වෙදනා අනනුබොධ සූත්‍රය
623. සැවැත් නුවරදී ය:
“වච්ඡය, වේදනාවෙහි අනුබොධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”
12. 1. 18.
18. සඤ්ඤා අනනුබොධ සූත්‍රය
624. සැවැත් නුවරදී ය:
“වච්ඡය, සඤ්ඤාවෙහි අනුබොධය නැති නිසා... (පෙ)... මරණයෙන් මතු සත්ත්වතෙමේ නොවන්නේද වෙයි නොවන්නේද නොවෙයිද කියා හෝ’ යන දෘෂ්ටීහුය.”