1. 3. 5. 4.
නො ච මෙ සියා සූත්‍රය
153. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේය. මම නොවන්නෙමි, මාගේ නොවන්නේයයි’ මෙසේ දෘෂ්ටිය උපදියිද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දොතොත් ඉතා හොඳය.”
මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි’ මාගේ නොවන්නේය යනුයි’ වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි, මාගේ නොවන්නේය යනුයි.’ ‘සඤ්ඤාව ඇති කල්හි, සඤ්ඤාව නිසා සඤ්ඤාවට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි, මාගේ නොවන්නේය යනුයි’ සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයට පිවිස ‘මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි, මාගේ නොවන්නේය යනුයි’ විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණයන් නිසා විඤ්ඤාණයට පිවිස මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි. මාගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදියි.
“මහණෙනි, ඒ කුමකැයි හඟනාහුද? රූපය නිත්‍යද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි”
“යමක් අනිත්‍යනම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි”
“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මගේ නොවේ. මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යයි.” “සඤ්ඤාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි” “සංස්කාරය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි” “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් අනිත්‍ය නම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද සැපද යනුයි.” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි මගේ නොවේ, මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මගේ නොවේ, මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මගේ නොවේ, මම නොවන්නෙමි, මගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍ය නම් දුක නම් පෙරළෙන ස්වභාව නම් එය තදින් අල්ලා නොගැනීමෙන් මම නොවෙමි, මාගේ නොවේ, මම නොවන්නෙමි. මාගේ නොවන්නේයයි මෙසේ දෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”-
මෙසේ දක්නේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයෙහිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි. (හතරවෙනි නොච මේ සියා සූත්‍රය නිමි.)
1. 3. 5. 5.
මිච්ඡාදිට්ඨි සූත්‍රය
154. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පිවිසි මිථ්‍යාදෘෂ්ටිය උපදීද?”
“ස්වාමීනි, ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණු වන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින් කියාදෙතොත් ඉතා හොඳය.
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.” “වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.” “සඤ්ඤාව ඇති කල්හි සඤ්ඤාව නිසා සඤ්ඤාවට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.” “සංස්කාරයන් ඇති කල්හි සංස්කාරය නිසා සංස්කාරයට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.” “විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පිවිස මිථ්‍යාදෘෂ්ටිය උපදියි.”
“මහණෙනි, ඒ කුමක්කැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” සංස්කාරය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍යද? දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍යද? දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය තදින් අල්ලා නොගැනීමෙන් මිථ්‍යාදෘෂ්ටිය උපදනේද?” - “ස්වාමීනි, එය නොවේමය.”
මෙසේ දක්නේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයෙහිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවන ලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේ යයි දැනගනියි. (පස්වෙනි මිච්ඡාදිට්ඨි සූත්‍රය නිමි.)
1. 3. 5. 6.
සක්කාය දිට්ඨි සූත්‍රය
155. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පිවිස සක්කාය දෘෂ්ටිය උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පිවිස සක්කාය දෘෂ්ටිය උපදී. වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පිවිස සක්කාය දෘෂ්ටිය උපදී. සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට පිවිස සක්කාය දෘෂ්ටිය උපදී. සංස්කාරයන් ඇතිකල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට පිවිස සක්කාය දෘෂ්ටිය උපදී. විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පිවිස සක්කාය දෘෂ්ටිය උපදී.”
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”