1. 3. 4. 6.
දෙවන දුක්ඛ සූත්‍රය
141. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් වනාහි දුකද, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. ‘මහණෙනි, දුක කුමක්ද?”
මහණෙනි, රූපය දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. වේදනාව දුකයි, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සඤ්ඤාව දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. විඤ්ඤාණය දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි.
1. 3. 4. 7.
තෙවන දුක්ඛ සූත්‍රය
142. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් දුකද එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි, මහණෙනි, දුක කුමක්ද?
මහණෙනි රූපය දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. වේදනාව දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංඥාව දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. විඥානය දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් දුකද එහි තොපගේ කැමැත්ත සහ ඇල්ම දුරුකටයුතුය.
1. 3. 4. 8.
අනත්ත සූත්‍රය
143. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනාත්මද? එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. මහණෙනි, අනාත්මය කවරේද?
“මහණෙනි, රූපය අනාත්මය. එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුය. වේදනාව අනාත්මය, එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. සංඥාව අනාත්මය, එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. සංස්කාර අනාත්මය එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. විඥානය අනාත්මය. එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි. “මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ කැමැත්ත දුරුකට යුතුයි.”
1. 3. 4. 9.
දෙවන අනත්ත සූත්‍රය
144. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඇල්ම දුරු කටයුතුයි. මහණෙනි, අනාත්මය කවරේද?
“මහණෙනි, රූපය අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. වේදනාව අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. සංඥාව අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. සංස්කාරයෝ අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. විඥානය අනාත්මය, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි. “මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුය යනුයි.”
1. 3. 4. 10.
තෙවන අනත්ත සූත්‍රය
145. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. මහණෙනි, අනාත්මය කවරේද?
“මහණෙනි, රූපය අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. වේදනාව අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. සංඥාව අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. සංස්කාරයෝ අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. විඥානය අනාත්මය. එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුය. “මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ (කැමැත්ත සහ ඇල්ම) ඡන්දරාගය දුරුකට යුතුයි.”