1. 2. 4. 2.
පළමු අනිච්ච සූත්‍රය
137. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමක් වනාහි අනිත්‍යද, එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි. “මහණෙනි, අනිත්‍ය කුමක්ද?”
මහණෙනි, රූපය අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි සඤ්ඤාව අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි සංස්කාර අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි, මහණෙනි යමක් වනාහි අනිත්‍යයද? එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි.”
1. 3. 4. 3.
දෙවන අනිච්ච සූත්‍රය
138. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් වනාහි අනිත්‍යද, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. ‘මහණෙනි, අනිත්‍යය කුමක්ද?”
මහණෙනි, රූපය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සඤ්ඤාව අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. විඤ්ඤාණය අනිත්‍යය. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් අනිත්‍යද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි.
1. 3. 4. 4.
තෙවන අනිච්ච සූත්‍රය
139. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් අනිත්‍යයද එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි, මහණෙනි, අනිත්‍ය කුමක්ද?
මහණෙනි රූපය අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. වේදනාව අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංඥාව අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. විඥානය අනිත්‍යය. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් අනිත්‍යද එහි තොපගේ කැමැත්ත සහ ඇල්ම දුරුකටයුතුය.
1. 3. 4. 5.
පළමු දුක්ඛ සූත්‍රය
140. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යමක් වනාහි දුකද, එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි. “මහණෙනි, දුක කුමක්ද?”
මහණෙනි, රූපය දුකයි. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි. වේදනාව දුකයි. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි සඤ්ඤාව දුකයි. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි සංස්කාර දුකයි. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි විඤ්ඤාණය දුකයි. එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි, මහණෙනි යමක් වනාහි දුකද? එහි තොපගේ කැමැත්ත දුරුකටයුතුයි.”
1. 3. 4. 6.
දෙවන දුක්ඛ සූත්‍රය
141. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් වනාහි දුකද, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. ‘මහණෙනි, දුක කුමක්ද?”
මහණෙනි, රූපය දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. වේදනාව දුකයි, එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සඤ්ඤාව දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. විඤ්ඤාණය දුකයි. එහි තොපගේ ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඇල්ම දුරුකට යුතුයි.
1. 3. 4. 7.
තෙවන දුක්ඛ සූත්‍රය
142. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යමක් දුකද එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි, මහණෙනි, දුක කුමක්ද?
මහණෙනි රූපය දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. වේදනාව දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංඥාව දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. සංස්කාර දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. විඥානය දුකයි. එහි තොපගේ කැමැත්ත හා ඇල්ම දුරුකටයුතුයි. මහණෙනි, යමක් දුකද එහි තොපගේ කැමැත්ත සහ ඇල්ම දුරුකටයුතුය.