1. 3. 3. 7.
7. සමුදය සූත්රය
132. බාරාණසියං:
132. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් ශාරිපුත්රය, විද්යාව විද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්යාව කවරේද? කොපමණකින් විද්යාවට පැමිණියේ වේද?” යනුයි.
“ඇවැත්නි, ශ්රැතවත් ආර්ය ශ්රාවකතෙමේ රූපයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ හටගැනීමද, දුරලීමද, රස විඳගැනීමද (ආශ්වාදයද) ආදීනවයද (දොස්ද), නික්මීමද, ඇතිසැටි දනියි. “ඇවැත්නි, මේ විද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම විද්යාවට පැමිණියේද වෙයි.”
1. 3. 3. 8.
8. කොට්ඨිත සූත්රය
133. බාරාණසියං:
133. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් කොට්ඨිත අවිද්යාවය, අවිද්යාවයයි කියනු ලැබේ. “ඇවැත්නි, අවිද්යාව කවරේද? කොපමණකින් අවිද්යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සාසනයෙහි අශ්රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියි. වේදනාවේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. සංඥාවේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නො දනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. විඥානයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. ඇවැත්නි, මේ අවිද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්යාවට පැමිණියේද වෙයි”යනුයි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, විද්යාවය, විද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්යාව කවරේද? කොපමණකින් විද්යාවට පැමිණියේ වේද?” යනුයි.
ඇවැත්නි, මේ සස්නෙහි ශ්රැතවත් ආර්යශ්රාවකතෙමේ රූපයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. ඇවැත්නි, මේ විද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්යාවට පැමිණියේද වෙයි.”
1. 3. 3. 9.
9. කොට්ඨිත සූත්රය
134. බාරාණසියං:
134. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් කොට්ඨිතය, අවිද්යාවය, අවිද්යාවයයි කියනු ලැබේ. “ඇවැත්නි, අවිද්යාව කවරේද? කොපමණකින් අවිද්යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි අශ්රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියි. වේදනාවේ හටගැන්මද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි නො දනියි. සංඥාවේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. විඥානයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. ඇවැත්නි, මේ අවිද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්යාවට පැමිණියේද වෙයි.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, විද්යාවය, විද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්යාව යනු කවරේද? කොපමණකින් විද්යාවට පැමිණියේ වේද?” යනුයි.
ඇවැත්නි, මේ සස්නෙහි ශ්රැතවත් ආර්යශ්රාවකතෙමේ රූපයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. “ඇවැත්නි, මේ විද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්යාවට පැමිණියේද වෙයි.”
1. 3. 3. 10.
10. කොට්ඨිත සූත්රය
135. බාරාණසියං:
135. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, අවිද්යාවය, අවිද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යාව කවරේද? කොපමණකින් අවිද්යාවට පැමිණියේ වේද?” යනුයි.
ඇවැත්නි, මේ ශාසනයෙහි අශ්රැතවත් පෘථග්ජනතෙමේ රූපය නොදනියි. රූපයේ හටගැනීම නොදනියි, රූපය නැති කිරීම නොදනියි, රූපය නැති කිරීම පිණිස යායුතු මාර්ගය නොදනියි.
“වේදනාව නොදනියි. වේදනාවේ හට ගැනීම නොදනියි, වේදනාව නැති කිරීම නොදනියි, වේදනාව නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි. “සංඥාව නොදනියි, සංඥාවේ හටගැනීම නොදනියි, සංඥාව නැති කිරීම නොදනියි, සංඥාව නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි. “සංස්කාරයන් නොදනියි, සංස්කාරයන් හටගැනීම නොදනියි, සංස්කාරයන් නැති කිරීම නොදනියි, සංස්කාරයන් නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි. “විඥානය නොදනියි, විඥානයාගේ හට ගැනීම නොදනියි, විඥානය නැති කිරීම නොදනියි, විඥානය නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි. “ඇවැත්නි, මේ අවිද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්යාවට පැමිණියේද වෙයි.” යනුයි.