1. 3. 3. 4.
4. අස්සාද සූත්රය
129. බාරාණසියං:
129. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද, බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු විය යුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ: “ඇවැත් සැරියුත් තෙරණුවනි, අවිද්යාව අවිද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්යාව කවරේද? කොපමණකින් අවිද්යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි ඇසූ පිරූ තැන් නැති, පෘථග්ජනතෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියිද ‘වේදනාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, (ආශ්වාදයද) රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියිද, මහණෙනි, මේ අවිද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම අවිද්යාවට පැමිණියේයයි කියනු ලැබේ.”
1. 3. 3. 5.
5. අස්සාද සූත්රය
130. බාරාණසියං:
130. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු විය. සතුටු වියයුතුවූත් සිහි කටයුතු වූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ: ‘ඇවැත් සැරියුත් තෙරණුවනි, විද්යාව විද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්යාව කවරේද? කොපමණකින් විද්යාවට පැමිණියේ වේද?” යනුයි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්රැතවත් ආර්යශ්රාවක තෙමේ රූපයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘වේදනාවගේ ඇතිවීමද, නැති වීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද, ‘සංඥාවගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි දනියිද,’ ‘සංස්කාරයන්ගේ ඇතිවීමද, නැතිවීමද රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දනියිද,’ ‘විඤ්ඤාණයාගේ ඇතිවීමද, නැතිවීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද, ඇතිසැටි දැනගනියිද ඇවැත්නි, මේ විද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්යාවට පැමිණියේද වෙයි,’ යනුයි.
1. 3. 3. 6.
6. සමුදය සූත්රය
131. බාරාණසියං:
131. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතු වූත් කථාව කොට නිමවා එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් ශාරිපුත්රය, අවිද්යාවය, අවිද්යාවයයි කියනු ලැබේ. “ඇවැත්නි, අවිද්යාව කවරේද? කොපමණකින් අවිද්යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සස්නෙහි අශ්රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, දුරු කිරීමද, රසවිඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි, වේදනාවගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. සංඥාවගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද ඇතිසැටි නොදනියි. විඥානයාගේ හට ගැනීමද, දුරු කිරීමද, රස විඳීමද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. “ඇවැත්නි, මේ අවිද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්යාවට පැමිණියේද වෙයි.”
1. 3. 3. 7.
7. සමුදය සූත්රය
132. බාරාණසියං:
132. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාව කොට නිමවා එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් ශාරිපුත්රය, විද්යාව විද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්යාව කවරේද? කොපමණකින් විද්යාවට පැමිණියේ වේද?” යනුයි.
“ඇවැත්නි, ශ්රැතවත් ආර්ය ශ්රාවකතෙමේ රූපයාගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, දුරලීමද, ආශ්වාදයද, ආදීනවයද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ හටගැනීමද, දුරලීමද, රස විඳගැනීමද (ආශ්වාදයද) ආදීනවයද (දොස්ද), නික්මීමද, ඇතිසැටි දනියි. “ඇවැත්නි, මේ විද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින්ම විද්යාවට පැමිණියේද වෙයි.”
1. 3. 3. 8.
8. කොට්ඨිත සූත්රය
133. බාරාණසියං:
133. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම්තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා එක් පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. ආයුෂ්මත් කොට්ඨිත අවිද්යාවය, අවිද්යාවයයි කියනු ලැබේ. “ඇවැත්නි, අවිද්යාව කවරේද? කොපමණකින් අවිද්යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ සාසනයෙහි අශ්රැතවත් පෘථග්ජනතෙමේ රූපයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇතිසැටි නොදනියි. වේදනාවේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි නොදනියි. සංඥාවේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නො දනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. විඥානයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි නොදනියි. ඇවැත්නි, මේ අවිද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්යාවට පැමිණියේද වෙයි”යනුයි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, විද්යාවය, විද්යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්යාව කවරේද? කොපමණකින් විද්යාවට පැමිණියේ වේද?” යනුයි.
ඇවැත්නි, මේ සස්නෙහි ශ්රැතවත් ආර්යශ්රාවකතෙමේ රූපයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. වේදනාවගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. සංඥාවගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද, ඇති සැටි දනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. විඥානයාගේ ආශ්වාදයද, දොස්ද, නික්මීමද ඇති සැටි දනියි. ඇවැත්නි, මේ විද්යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්යාවට පැමිණියේද වෙයි.”