1. 2. 2. 10.
සුරාධ සුත්තං
72. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.
එකල්හි වනාහි ආයුෂ්මත් සුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන්වහන්සේ යම්තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් සුරාධ ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.
“ස්වාමීනි, කෙසේ දන්නාවූ කෙසේ දක්නාවූ පුද්ගලයාට මේ සවිඥානක කයෙහිද, බාහිරවූ සියලු ආරම්මණයන්හිද, ‘මමය මාගේය’ යන හැඟීම් සහිත මානය දුරුවූ ත්‍රිවිධ මානය ඉක්මගියාවූ මනාකොට මිදුනාවූ සිතක් වෙයිද,”
“සුරාධ, අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි අතීතානාගත දැන් පවත්නා රූපයක් වෙයිද. ඒ සියලු රූප ‘එය මාගේ නොවෙයි. එය මම නොවෙමි. එය මාගේ ආත්මයද නොවෙයි’, කියා මෙසේ එය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැක දැඩිසේ අල්වා නොගෙන මිදුනේ වෙයිද,
යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි සංඥාවක් -පෙ- යම්කිසි සංස්කාර කෙනෙක් -පෙ- අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, අධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ගොරෝසු (ඔළාරික) වූ හෝ සියුම් (සුඛුම) වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම්කිසි විඥානයක් වේද, ඒ සියලු විඥානය ‘මෙය මාගේ නොවෙයි, මේ මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවෙයි’ කියා මෙසේ මෙය තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥාවෙන් දැක දැඩිව අල්වා නොගෙන (කෙලෙසුන්ගෙන්) මිදුණේ වෙයි.
සුරාධ, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ පුද්ගලයාගේ සිත මේ සවිඥානක කයෙහි ද, බාහිර වූ සියලු නිමිති කෙරෙහි ද ‘මම’ යන හැඟීමෙන් (අහංකාරයෙන්), ‘මාගේ’ යන හැඟීමෙන් (මමංකාරයෙන්) හා මානයෙන් පහ වූයේ, මාන කොටස් මනාකොට ඉක්මවූයේ, ශාන්ත වූයේ, මනාකොට මිදුණේ වේයයි. -පෙ- ආයුෂ්මත් සුරාධ ස්ථවිරයන් වහන්සේ ද රහතුන් අතුරෙන් එක් කෙනෙක් වූහ.
දෙවෙනි අරහන්ත වර්ගයයි.
එහි උද්දානය:
උපාදි සූත්‍රයද මඤ්ඤමාන සූත්‍රයද, අභිනන්දන සූත්‍රයද, අනිත්‍යය සූත්‍රයද, දුක්ඛ සූත්‍රයද, අනාත්ම සූත්‍රයද, අනත්තනීය සූත්‍රයද, රජනීය සණ්ඨිත සූත්‍රයද, රාධ සූත්‍රයද, සුරාධ සූත්‍රයද, වෙත්.
3. ඛජ්ජනීය වර්ගය
1. 2. 3. 1.
අස්සාද සූත්‍රය
73. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අශ්‍රැතවත් පුථුජ්ජනතෙමේ රූපයාගේ ආශ්වාදයද, (රසවිඳීම) ආදීනවයද, (දෝෂයද) නිස්සරණයද තත්වූ පරිදි නොදනියි, වේදනාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි. සංඥාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. විඥානයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි.
“මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි. වේදනාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනියි. සංඥාවගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි සංස්කාරයන්ගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. විඤ්ඤාණයාගේ ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි” වදාළේය.
1. 2. 3. 2.
පඨම සමුදය සූත්‍රය
74. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අශ්‍රැතවත් පුථුජ්ජනතෙමේ රූපයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි. වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. සංඥාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි නොදනියි. විඥානයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි නොදනියි.’
“මහණෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකතෙමේ රූපයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. වේදනාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. සංඥාවගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනියි. විඥානයාගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිදි දනීයයි” වදාළේය.
1. 2. 3. 3.
දුතිය සමුදය සූත්‍රය
75. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකතෙමේ රූපයාගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි. වේදනාවගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූපරිදි දනියි. සංඥාවගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි. සංස්කාරයන්ගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිදි දනියි. විඤ්ඤාණයාගේ හටගැණීමද, විනාශයද, ආස්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූපරිදි දනියි, යනුයි.