1. 1. 5. 6.
ස්කන්ධ සූත්රය
48. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පඤ්චස්කන්ධයන් හා පඤ්ච උපාදාන ස්කන්ධයන්ද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, පඤ්චස්කන්ධයෝ කවරහුද?
“මහණෙනි, අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි රූපයක් වෙයිද, මේ රූපස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි වේදනාවක් වෙයිද, මේ වේදනාස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංඥාවක් වෙයිද, මෙය සංඥාස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි සංස්කාරයක් වෙයිද, මෙය සංස්කාරස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ යම්කිසි විඤ්ඤාණයක් වෙයිද, මෙය විඤ්ඤාණස්කන්ධයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු පඤ්චස්කන්ධයයි කියනු ලැබේ.
“මහණෙනි, පඤ්චඋපාදානස්කන්ධයෝ කවරහුද? “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්රව සහිතවූ උපාදානයන්ට අරමුණුවූ යම්කිසි රූපයක් වෙයිද, මහණෙනි, මේ රූප උපාදානස්කන්ධයයි කියනු ලැබේ.
“අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්රව සහිතවූ, උපාදානයන්ට අරමුණුවූ යම්කිසි වේදනාවක් වෙයිද, මෙය වේදනා උපාදානස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්රව සහිතවූ උපාදානයන්ට අරමුණුවූ යම්කිසි සංඥාවක් වෙයිද, මෙය සංඥා උපාදානස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්රව සහිතවූ උපාදානයන්ට අරමුණුවූ යම්කිසි සංස්කාරයෝ වෙත්ද, මෙය සංස්කාර උපාදානස්කන්ධයයි කියනු ලැබේ. “අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, අධ්යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ගොරෝසුවූ හෝ සියුම්වූ හෝ හීනවූ හෝ ප්රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ ආශ්රව සහිතවූ, උපාදානයන්ට අරමුණුවූ යම්කිසි විඤ්ඤාණයක් වෙයිද, මෙය විඤ්ඤාණ උපාදානස්කන්ධයයි කියනු ලැබේ.
මහණෙනි, මොවුහු වනාහි පඤ්ච උපාදානස්කන්ධයෝයි කියනු ලැබෙත්.”
1. 1. 5. 7.
සොණ සූත්රය
49. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවාසය කරණසේක. එකල්හි “සොණ” නම් ගෘහපති පුත්රතෙම භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ සොණ ගෘහපති පුත්රයාට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“සොණයෙනි, යම් ඒ ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ රූපය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමානවූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද? “අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, වේදනාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැනීම හැර අන් කුමක්ද? “අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ සංඥාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද? “අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, සංස්කාර කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද? “අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, විඤ්ඤාණය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ දකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ දකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ දකිත්ද, එය තත්වූ පරිදි නොදැකීම හැර අන් කුමක්ද?
“සොණයෙනි යම් ඒ ශ්රමණකෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, රූපය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද? “අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, වේදනාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද? “අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, සංඥාව කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද? අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ සංස්කාරයන් කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම මිස අන් කුමක්ද? “අනිත්යවූ, දුක්වූ, පෙරළෙන ස්වභාවවූ, විඤ්ඤාණය කරණකොටගෙන මම උසස් වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, සමාන වූවෙක්මියි කියා හෝ නොදකිත්ද, හීන වූවෙක්මියි කියා හෝ නොදනිත්ද, එය තත්වූ පරිදි දැනීම, මිස අන් කුමක්ද?
“සොණය, කුමක් සිතන්නෙහිද? රූපය නිත්යද? අනිත්යද?”
“ස්වාමීනි, අනිත්යයි.”
“යමක් අනිත්ය නම් එය දුකද? සැපද?”
“ස්වාමීනි දුකය.”