1. 1. 5. 10.
නන්දික්ඛය සූත්‍රය
52. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, රූපය නුවණින් මෙනෙහි කරව්. රූපයේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, රූපය නුවණින් මෙනෙහිකරන්නේ, රූපයේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු මෙනෙහි කරන්නේ, රූපයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේය, මනාකොට මිදුණේයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව නුවණින් මෙනෙහි කරව්. වේදනාවේ අනිත්‍ය ස්වභාවයද ඇති තතු විමසා බලව්. මහණෙනි, මහණතෙම වේදනාව නුවණින් මෙනෙහි කරන්නේ, වේදනාවේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු විමසා බලන්නේ, වේදනාවෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව හා රාගය නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය, මනාකොට මිදුණේයයි කියනු ලැබේ. මහණෙනි, සංඥාව නුවණින් මෙනෙහි කරව්. සංඥාවේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, මහණතෙම සංඥාව නුවණින් මෙනෙහි කරන්නේ, සංඥාවේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු විමසා බලන්නේ, සංඥාවෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව හා රාගය නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය, මනාකොට මිදුණේයයි කියනු ලැබේ. මහණෙනි, සංස්කාර නුවණින් මෙනෙහි කරව්. සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, මහණතෙම සංස්කාර නුවණින් මෙනෙහි කරන්නේ, සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු විමසා බලන්නේ, සංස්කාරයන්හි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව හා රාගය නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය, මනාකොට මිදුණේයයි කියනු ලැබේ. මහණෙනි, විඤ්ඤාණය නුවණින් මෙනෙහි කරව්. විඤ්ඤාණයේ අනිත්‍ය ස්වභාවයද ඇතිතතු විමසා බලව්. මහණෙනි, මහණතෙම විඤ්ඤාණය නුවණින් මෙනෙහි කරන්නේ, විඤ්ඤාණයේ අනිත්‍ය ස්වභාවය ඇතිතතු විමසා බලන්නේ, විඤ්ඤාණයෙහි කලකිරෙයි. තණ්හාව නැතිකිරීමෙන් රාගය නැතිවේ. රාගය නැතිකිරීමෙන් තණ්හාව නැතිවේ. තණ්හාව හා රාගය නැතිකිරීමෙන් සිත (කෙලෙසුන්ගෙන්) මිදුණේය, මනාකොට මිදුණේයයි කියනු ලැබේ.”
පස්වෙනි අත්තදීප වර්ගයයි.
එහි උද්දානය:
අත්තදීප සූත්‍රය, පටිපදාසූත්ර දෙකය, අනිච්චතා සූත්‍රය, සමනුපස්සනා සූත්‍රය, ඛන්ධසූත්රය, සෝණ සූත්‍ර දෙක සහ නන්දික්ඛය සූත්‍ර දෙකදැයි මේ අත්තදීප වර්ගයෙහි සූත්‍ර දහයකි.
මූලපණ්ණාසකය නිමි.
එහි මූලපණ්ණාසකයේ වර්ග උද්දානය:
නකුල පිතු වර්ගය, අනිච්ච වර්ගය, භාර වර්ගය, නතුම්හාක වර්ගය සහ අත්තදීප වර්ගයයි මේ මුල් සූත්‍ර පණසෙහි වර්ග පසෙකි.