1. 1. 4. 8.
8. අනුධර්ම සූත්රය
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ.
එකල්හි භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට මේ කාරණය වදාළසේක. “නවලොකොත්තර ධර්මයට අනුකූලවූ ප්රතිපත්තියෙහි පිළිගන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ.
රූපයෙහි අනිත්ය දකිමින් වාසය කරන්නේය යන යමක්වේද වේදනාවෙහි අනිත්යය දකිමින් වාසය කරන්නේය යන යමක්වේද සංඥාවෙහි අනිත්ය දකිමින් වාසය කරන්නේය යන යමක් වේද සංස්කාරයෙහි අනිත්යය දකිමින් වාසය කරන්නේය යන යමක්වේද, විඤ්ඤාණයෙහි අනිත්යය දකිමින් වාසය කරන්නේය යන යමක් වේද යනු අනුකූල ධර්මය වේ. හෙතෙම රූපයෙහි අනිත්යය දකිමින් වාසය කරන්නේ වේදනාවෙහි අනිත්ය දකිමින් වාසය කරන්නේ සංඥාවෙහි අනිත්ය දකිමින් වාසය කරන්නේ සංස්කාරයන්හි අනිත්ය දකිමින් වාසය කරන්නේ විඤ්ඤාණයෙහි අනිත්ය දකිමින් වාසය කරන්නේ රූපය පිරිසිඳ දනී. වේදනාව පිරිසිඳ දනී. සංඥාව පිරිසිඳ දනී. සංස්කාරයන් පිරිසිඳ දනී. විඥානය පිරිසිඳ දනී. “හෙතෙම රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඥානය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද ජරාමරණයෙන්ද සෝකයන්ගෙන්ද පරිදේවයන්ගෙන්ද දුක්වලින් දොම්නස්වලින්ද දැඩිවෙහෙසින්ද මිදෙයි. සියලු දුක්වලින් මිදේයයි කියමි.”
1. 1. 4. 9.
9. අනුධර්ම සූත්රය
41. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, නව ලොකොත්තර ධර්මයට අනුකූලවූ ප්රතිපත්තියෙහි පිළිපන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ.
රූපය දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද වේදනාව දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, සංඥාව දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, සංස්කාර දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, විඤ්ඤාණය දුකයයි දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, යනු අනුකූල ධර්මයයි. “හෙතෙම රූපය දුකයයි දකිමින් වාසය කරන්නේ වේදනාව දුකයයි දකිමින් වාසය කරන්නේ, සංඥාව දුකයයි දකිමින් වාසය කරන්නේ, සංස්කාරයන් දුකයයි දකිමින් වාසය කරන්නේ, විඤ්ඤාණය දුකයයි දකිමින් වාසය කරන්නේ, රූපය පිරිසිඳ දනී, වේදනාව පිරිසිඳ දනී, සංඥාව පිරසිඳ දනී, සංස්කාරය පිරිසිඳ දනී, විඤ්ඤාණය පිරිසිඳ දනී, “හෙතෙමේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඤ්ඤාණය පිරිසිඳ දන්නේ, රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඥානය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද, ජරාමරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදේවයන්ගෙන්ද, දුක් දොම්නස්වලින්ද, දැඩි වෙහෙසින්ද මිදෙයි. සියළු දුක්වලින් මිදේයයි කියමි.
1. 1. 4. 10.
10. අනුධර්ම සූත්රය
42. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, නවලොකොත්තර ධර්මයට අනුකූල ප්රතිපත්තියෙහි පිළිගන්නාවූ භික්ෂුවහට මේ අනුකූල ධර්මයවේ.
රූපය අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, වේදනාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේය යන යමක් වේද සංඥාව අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, සංස්කාරයන් අනාත්ම වශයෙන් දකිමින් වාසයකරන්නේය යන යමක්වේද, විඤ්ඤාණය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේය යන යමක් වේද, යන අනුකූල ධර්මයයි. “හෙතෙම රූපය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, වේදනාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, සංඥාව අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, සංස්කාරයන් අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, විඤ්ඤාණය අනාත්ම වශයෙන් දකිමින් වාසය කරන්නේ, රූපය පිරිසිඳ දනී. වේදනාව පිරිසිඳ දනී. සංඥාව පිරිසිඳ දනී. සංස්කාරයන් පිරිසිඳ දනී. විඤ්ඤාණය පිරිසිඳ දනී. “හෙතෙමේ රූපය පිරිසිඳ දන්නේ වේදනාව පිරිසිඳ දන්නේ සංඥාව පිරිසිඳ දන්නේ සංස්කාරයන් පිරිසිඳ දන්නේ විඤ්ඤාණය පිරිසිඳ දන්නේ රූපය කෙරෙන් මිදෙයි. වේදනාව කෙරෙන් මිදෙයි. සංඥාව කෙරෙන් මිදෙයි. සංස්කාරයන් කෙරෙන් මිදෙයි. විඤ්ඤාණය කෙරෙන් මිදෙයි. ජාතියෙන්ද ජරාමරණයෙන්ද, සෝකයන්ගෙන්ද, පරිදෙවයන්ගෙන්ද, දුක් දොම්නස්වලින්ද, දැඩි වෙහෙසින්ද, මිදෙයි. සියළු දුක්වලින් මිදේයයි කියමි.”
සතරවෙනි නතුම්හාක වර්ගය නිමි
එහි උද්දානය:
මේ වර්ගයේ නතුම්හාක සූත්ර දෙකක්ද, භික්ඛු යන අන්යසූත්ර දෙකක්ද, අනඳ තෙරුන් නිසා සූත්ර දෙකක්ද, අනුධර්ම සූත්ර සතරක්ද වෙත්.