1. 1. 4. 5.
5. ආනන්ද සූත්රය
37. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“ආනන්දය, ඉදින් තොපගෙන් ‘ඇවැත්වූ ආනන්දය, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නාවුන්ගේ දිරීම පෙනේදැයි,’ අසන්නාහු නම් ආනන්දය, මෙසේ අසන ලද්දාවූ තෙපි කුමකැයි ප්රකාශ කරන්නහුද?”
“ස්වාමීනි, මාගෙන් ‘ඇවත්වූ ආනන්දය, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද, පවත්නාවුන්ගේ දිරීම පෙනේදැයි’ අසන්නාහු නම් ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්රකාශ කරන්නෙමි. “ඇවැත්නි, රූපයාගේ ඉපදීම පෙනෙයි. නැසීම පෙනෙයි. පවත්නහුගේ දිරීම පෙනේ. වේදනාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංඥාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. විඤ්ඤාණයාගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. ‘ඇවැත්නි, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනෙයි කියායි. ස්වාමීනි, මෙසේ අසන ලද්දාවූ මම මෙසේ ප්රකාශ කරන්නෙමියි” (කීයේය.)
“ආනන්දය, යහපති, යහපති, ආනන්දය, රූපයාගේ ඉපදීම පෙනෙයි. විනාශය පෙනෙයි. පවත්නාහුගේ දිරීම පෙනෙයි. වේදනාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංඥාවගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. සංස්කාරයන්ගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. විඤ්ඤාණයාගේ ඉපදීම පෙනේ. විනාශය පෙනේ. පවත්නාහුගේ දිරීම පෙනේ. “ආනන්දය, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනෙයි. විනාශය පෙනෙයි. පවත්නහුගේ දිරීම පෙනෙයි. ආනන්දය, මෙසේ අසන ලද්දාවූ තොපි මෙසේ ප්රකාශ කරන්නාහුය.”
1. 1. 4. 6.
6. ආනන්ද සූත්රය
38. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේ යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“ආනන්දය ඉදින් තොපගෙන් ‘ඇවැත්වූ ආනන්දය, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනුණේද, විනාශය පෙනුණේද පවත්නාහුගේ දිරීම පෙනුණේද, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනෙන්නේද, විනාශය පෙනෙන්නේද, පවත්නහුගේ දිරීම පෙනෙන්නේද, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද පවත්නහුගේ දිරීම පෙනේදැයි’ අසන්නහු නම් ආනන්දය මෙසේ අසනලද්දාවූ තෙපි කුමකැයි ප්රකාශකරන්නහුදැයි” විචාළේය.
“ස්වාමීනි, ඉදින් මාගෙන් ‘ඇවැත්වූ ආනන්දය කවරනම් ධර්මයන්ගේ ඉපදීම පෙනුණේද, විනාශය පෙනුණේද පවත්නහුගේ දිරීම පෙනුණේද, කවර නම් ධර්මයන්ගේ ඉපදීම පෙනෙන්නේද, විනාශය පෙනෙන්නේද, පවත්නහුගේ දිරීම පෙනෙන්නේද, කවර ධර්මයන්ගේ ඉපදීම පෙනේද, විනාශය පෙනේද පවත්නහුගේ දිරීම පෙනේදැයි’ අසන්නාහු නම්, ස්වාමීනි මෙසේ අසනලද්දාවූ මම මෙසේ ප්රකාශ කරන්නෙමි.” ‘ඇවැත්නි, යම් රූපයක් වනාහි ඉකුත්වූයේද, නිරුද්ධවූයේද වෙනස්වූයේද ඒ රූපයාගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය. යම් වේදනාවක් තොමෝ ඉකුත්වූවාද නිරුද්ධවූවාද වෙනස්වූවාද ඒ වේදනාවගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය. ‘යම් සංඥාවක් තොමෝ ඉකුත්වූවාහුද, නිරුද්ධවූවාහුද, වෙනස්වූවාහුද, ඒ සංඥාවේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය. ‘යම් සංස්කාරයෝ ඉකුත්වූවාහුද, නිරුද්ධවූවාහුද, වෙනස්වූවාහුද, ඔවුන්ගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නහුගේ දිරීම පෙනුණේය. ‘යම් විඥානයක් ඉකුත්වූයේද, නිරුද්ධවූයේද, වෙනස්වූයේද, ඒ විඥානයාගේ ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නාහුගේ දිරීම පෙනුණේය. ‘ඇවැත්නි, මේ ධර්මයන්ගේ වනාහි ඉපදීම පෙනුණේය. විනාශය පෙනුණේය. පවත්නාහුගේ දිරීම පෙනුණේය.