1. 1. 1. 11.
තතිය අතීතානාගත සූත්රය
11. සැවැත්නුවර–
මහණෙනි, අතීත, අනාගත රූපය අනාත්මයි. දැන් පවත්නා රූපය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දකින්නාවූ ශ්රැතවත් ආර්ය්ය ශ්රාවකතෙමේ අතීත වූ රූපයෙහි අපෙක්ෂා රහිත වෙයි. අනාගත රූපය ප්රාර්ථනා නොකරයි. දැන් පවත්නා රූපයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි. මහණෙනි, අතීත අනාගතවූ වේදනාව අනාත්මයි. දැන් පවත්නා වේදනාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රැතවත් ආර්ය්යශ්රාවකතෙමේ අතීත වේදනාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත වේදනාව ප්රාර්ථනා නොකරන්නේවෙයි දැන් පවත්නා වේදනාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, පිළිපන්නේ වෙයි. මහණෙනි, අතීත අනාගතවූ සංඥාව අනාත්මයි. දැන් පවත්නා සංඥාව ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්රැතවත් ආර්ය්ය ශ්රාවකතෙමේ අතීත සංඥාවෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංඥාව ප්රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංඥාව පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද පිළිපන්නේ වෙයි.
මහණෙනි, අතීත අනාගතවූ සංස්කාර අනාත්මයි. දැන්පවත්නා සංස්කාරගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ, ශ්රැතවත් ආර්ය්ය ශ්රාවකතෙමේ අතීත සංස්කාරයෙහි බලාපොරොත්තු නැත්තේ වෙයි. අනාගත සංස්කාර ප්රාර්ථනා නොකරන්නේ වෙයි. දැන් පවත්නා සංස්කාර පිළිබඳ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද නිරෝධය පිණිසද පිළිපන්නේ වෙයි. මහණෙනි, අතීත අනාගත විඤ්ඤාණය අනාත්මයි. දැන්පවත්නා විඤ්ඤාණය ගැන කියනුම කවරේද? මහණෙනි, මෙසේ දක්නාවූ ශ්රැතවත් ආර්ය්ය ශ්රාවකතෙම අතීතවූ විඤ්ඤාණයෙහි අපේක්ෂා රහිත වෙයි. අනාගත විඤ්ඤාණය ප්රාර්ථනා නොකරයි. දැන් පවත්නා විඤ්ඤාණයාගේ කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද පිළිපන්නේවේයයි.
පළමුවෙනි නකුල පිතු වර්ගයයි.
එහි උද්දානය:
නකුල පිතු සූත්රය, දේවදහ සූත්රය, හාලිද්දකානි සූත්ර දෙකය, සමාධි සූත්රය, පටිසල්ලාණ සූත්රය, උපාදාපරිතස්සන සූත්ර දෙක සහ අතීතානාගත සූත්ර තුන දැයි යන සූත්ර එකොළොසින් මේ නකුල පිතු වර්ගය නිමවෙයි.