6. 2. 8.
තණ්හා සූත්‍රය
357. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූප තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ශබ්ද තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ගන්ධ තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රස තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඵොට්ඨබ්බ (කයට දැනෙන පහස පිළිබඳ) තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ධර්ම තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්රාවකයා රූප තණ්හාවෙහිත් කලකිරෙයි. ශබ්ද තණ්හාවෙහිත් කලකිරෙයි. ගන්ධ තණ්හාවෙහිත් කලකිරෙයි. රස තණ්හාවෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බ තණ්හාවෙහිත් කලකිරෙයි. ධර්ම තණ්හාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 9.
ධාතු සූත්‍රය
358. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? පඨවි ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ආපෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘තේජෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘වායෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ආකාස ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘විඤ්ඤාණ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්රාවකයා පඨවි ධාතුවෙහිත් කලකිරෙයි. ආපෝ ධාතුවෙහිත් කලකිරෙයි. තේජෝ ධාතුවෙහිත් කලකිරෙයි. වායෝ ධාතුවෙහිත් කලකිරෙයි. ආකාස ධාතුවෙහිත් කලකිරෙයි. විඤ්ඤාණ ධාතුවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 10.
ඛන්ධ සූත්‍රය
359. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘සංස්කාර නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්රාවකයා රූපයෙහිත් කලකිරෙයි. වේදනාවෙහිත් කලකිරෙයි. සංඥාවෙහිත් කලකිරෙයි. සංස්කාරයන්හිත් කලකිරෙයි. විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 11.
අනුසය සූත්‍රය
200. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුලතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුලතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක යන සියලු නිමිතිවලද, මමයයි ගන්නා දෘෂ්ටියද මාගේයයි ගන්නා තණ්හාවද මානානුශයද ඇති නොවෙත්ද?”
“රාහුලය, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූදත වර්තමානවූද යම්කිසි රූපයක් වේද, (ඒ) සියලු රූපය ‘මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් සහ මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියිද,
අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ගොරෝසු (ඔළාරික) වූ හෝ සියුම් (සුඛුම) වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි වේදනාවක් වේද, ඒ සියලු වේදනාව “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ”යි මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් (විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන්) දකියි. අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඔළාරික වූ හෝ සුඛුම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි සංඥාවක් වේද, ඒ සියලු සංඥාව “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ”යි මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දකියි. අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඔළාරික වූ හෝ සුඛුම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි සංස්කාර කෙනෙක් වෙත්ද, ඒ සියලු සංස්කාර “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ”යි මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දකියි. අතීත වූ හෝ අනාගත වූ හෝ වර්තමාන වූ හෝ, ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ, ඔළාරික වූ හෝ සුඛුම වූ හෝ, හීන වූ හෝ ප්‍රණීත වූ හෝ, දුර වූ හෝ ළඟ වූ හෝ යම් කිසි විඤ්ඤාණයක් වේද, ඒ සියලු විඤ්ඤාණය “මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේ”යි මෙසේ මෙය ඇති සැටියෙන් මනා නුවණින් දකියි.
“රාහුලය, මෙසේ දන්නහුට, මෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ, සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක යන සියලු නිමිතිවලද, මමයයි ගන්නා තණ්හාවත් මානානුශයත් ඇති නොවෙති.”
6. 2. 12.
අපගත සූත්‍රය
201. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් රාහුල මහණතෙම වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙය කීයේය. “ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ (පිටස්තරවූ) සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක යන සියලු නිමිතිවලද, මමයයි ගන්නා දෘෂ්ටියෙනුත්, මාගේයයි ගන්නා තණ්හාවෙනුත් මානයෙනුත් පහවූ මාන කොට්ඨාශයන් ඉක්මවූ, ශාන්තවූ, මනාකොට මිදුනාවූ, සිත ඇතිවෙයිද?”