6. 2. 2.
රූප සූත්‍රය
199. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. ඉක්බිති, ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුල මහණහට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනාකළසේක.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ශබ්දය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ගන්ධය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඵොට්ඨබ්බය (කයට දැනෙන පහස) නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ධර්මය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා රූපයෙහිත් කලකිරෙයි. ශබ්දයෙහිත් කලකිරෙයි. ගන්ධයෙහිත් කලකිරෙයි. රසයෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බයෙහිත් කලකිරෙයි. ධර්මයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 3.
විඤ්ඤාණ සූත්‍රය
352. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා චක්ඛු විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. සෝත විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ඝාණ විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. කාය විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. මනෝ විඤ්ඤාණයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 4.
සම්ඵස්ස සූත්‍රය
353. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඝාන සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා චක්ඛු සම්ඵස්සයෙහිත් කලකිරෙයි. සෝත සම්ඵස්සයෙහිත් කලකිරෙයි. ඝාන සම්ඵස්සයෙහිත් කලකිරෙයි. ජිව්හා සම්ඵස්සයෙහිත් කලකිරෙයි. කාය සම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝ සම්ඵස්සයෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 5.
වේදනා සූත්‍රය
354. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? චක්ඛු සම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘සෝත සම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඝාන සම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ජිව්හා සම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘කාය සම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘මනෝ සම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා චක්ඛු සම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. සෝත සම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. ඝාන සම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. ජිව්හා සම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. කාය සම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. මනෝ සම්ඵස්සයෙන් හටගත් වේදනාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 6.
සඤ්ඤා සූත්‍රය
355. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූප සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ශබ්ද සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ගන්ධ සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රස සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඵොට්ඨබ්බ (කයට දැනෙන පහස පිළිබඳ) සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ධර්ම සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා රූප සංඥාවෙහිත් කලකිරෙයි. ශබ්ද සංඥාවෙහිත් කලකිරෙයි. ගන්ධ සංඥාවෙහිත් කලකිරෙයි. රස සංඥාවෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බ සංඥාවෙහිත් කලකිරෙයි. ධර්ම සංඥාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 7.
සඤ්චේතනා සූත්‍රය
356. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූප සඤ්චේතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ශබ්ද සඤ්චේතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ගන්ධ සඤ්චේතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රස සඤ්චේතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඵොට්ඨබ්බ (කයට දැනෙන පහස පිළිබඳ) සඤ්චේතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ධර්ම සඤ්චේතනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා රූප සඤ්චේතනාවෙහිත් කලකිරෙයි. ශබ්ද සඤ්චේතනාවෙහිත් කලකිරෙයි. ගන්ධ සඤ්චේතනාවෙහිත් කලකිරෙයි. රස සඤ්චේතනාවෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බ සඤ්චේතනාවෙහිත් කලකිරෙයි. ධර්ම සඤ්චේතනාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 8.
තණ්හා සූත්‍රය
357. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? රූප තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ශබ්ද තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ගන්ධ තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රස තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ඵොට්ඨබ්බ (කයට දැනෙන පහස පිළිබඳ) තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ධර්ම තණ්හාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා රූප තණ්හාවෙහිත් කලකිරෙයි. ශබ්ද තණ්හාවෙහිත් කලකිරෙයි. ගන්ධ තණ්හාවෙහිත් කලකිරෙයි. රස තණ්හාවෙහිත් කලකිරෙයි. ඵොට්ඨබ්බ තණ්හාවෙහිත් කලකිරෙයි. ධර්ම තණ්හාවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’
6. 2. 9.
ධාතු සූත්‍රය
358. ‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? පඨවි ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ආපෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘තේජෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘වායෝ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘ආකාස ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘විඤ්ඤාණ ධාතුව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’ - ‘ස්වාමීනි, අනිත්‍යය.’ ‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ - ‘ස්වාමීනි, දුකය.’ ‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’ - ‘ස්වාමීනි, එය නුසුදුසුය.’ ‘රාහුලය, මෙසේ දකින්නා වූ ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයා පඨවි ධාතුවෙහිත් කලකිරෙයි. ආපෝ ධාතුවෙහිත් කලකිරෙයි. තේජෝ ධාතුවෙහිත් කලකිරෙයි. වායෝ ධාතුවෙහිත් කලකිරෙයි. ආකාස ධාතුවෙහිත් කලකිරෙයි. විඤ්ඤාණ ධාතුවෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලේශයන්ගෙන් මිදෙයි. (ක්ලේශයන්ගෙන්) මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. මින් පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැනගනියි.’