2. 4. 7.
උප්පාද සූත්රය
260. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පඨවි ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි. “ආපෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි. “තේජෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි. “වායෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි.
“මහණෙනි, පඨවි ධාතුවෙහි වනාහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි. “ආපෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි. “තේජෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි. “වායෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරෝධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරෝධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි.”
2. 4. 8.
සමණ බ්රාහ්මණ සූත්රය
261. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ ධාතු සතරදෙනෙකි. (ඒ) සතර කවරේද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව සහ වායෝධාතුවයි.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ සතරධාතූන්ගේ අස්සාදයද, ආදීනවද, නිස්සරණයද, ඇතිසේ නොදනිත්ද, මහණෙනි, මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය හෝ බ්රාහ්මණාර්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ සතර ධාතූන්ගේ අස්සාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිසේ දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය හෝ බ්රාහ්මණාර්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙත්.”
2. 4. 9.
සමණ බ්රාහ්මණ සූත්රය
262. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ ධාතු සතර දෙනෙකි. (ඒ) සතර දෙන කවරේද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව සහ වායෝ ධාතුවයි. මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ සතර ධාතුන්ගේ ඇතිවීමද, නැතිවීමද, අස්සාදයද, ආදීනවයද, නිස්සරණයද ඇතිසේ නොදනිත්ද,” “මහණෙනි, මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණ භාවයේ ඵලය හෝ බ්රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්ම භාවයෙහීදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ මේ සතර ධාතූන්ගේ අස්සාදයද, ආදීනවද, නිස්සරණයද ඇතිසේ දනිත්ද, මහණෙනි, යම් මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණ භාවයේ ඵලය හෝ බ්රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මයෙහීදීම තෙමේ දැන, ප්රත්යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”
2. 4. 10.
සමණ බ්රාහ්මණ සූත්රය
263. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ පඨවි ධාතුව නොදනිත්ද, පඨවිධාතුව ඇතිවීමේ හේතුව නොදනිත්ද, පඨවිධාතුවේ නැතිවීම නොදනිත්ද, පඨවි ධාතුව නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය නොදනිත්ද, ආපෝධාතුව නොදනිත්ද, ආපෝධාතුව ඇතිවීමට හේතුව නොදනිත්ද, ආපෝධාතුවේ නැතිවීම නොදනිත්ද, ආපෝධාතුව නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය නොදනිත්ද, තේජෝ ධාතුව නොදනිත්ද, තේජෝධාතුව ඇතිවීමට හේතුව නොදනිත්ද, තේජෝධාතුවේ නැතිවීම නොදනිත්ද, තේජෝ ධාතුව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, වායෝ ධාතුව නොදනිත්ද, වායෝධාතුව ඇතිවීමට හේතුව නොදනිත්ද, වායෝධාතුවේ නැතිවීම නොදනිත්ද, වායෝධාතුව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය නොදනිත්ද, “මහණෙනි, ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණ භාවයේ ඵලය හෝ බ්රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්ම භාවයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය නොකෙරෙත්.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ පඨවි ධාතුව දනිත්ද, පඨවි ධාතුව දනිත්ද, පඨවි ධාතුව ඇතිවීමේ හේතුව දනිත්ද පඨවිධාතුවේ නැතිවීම දනිත්ද, පඨවිධාතුව නැති කිරීමට ගමන් කළයුතු මාර්ගය දනිත්ද, ආපෝධාතුව දනිත්ද, ආපෝධාතුව ඇතිවීමට හේතුව දනිත්ද, ආපෝධාතුවේ නැති වීම දනිත්ද ආපෝධාතුව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය දනිත්ද, තේජෝධාතුව දනිත්ද, තේජෝධාතුව ඇතිවීමට හේතුව දනිත්ද, තේජෝධාතුවේ නැතිවීම දනිත්ද, තේජෝ ධාතුව නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගය දනිත්ද, වායෝ ධාතුව දනිත්ද, වායෝධාතුව ඇතිවීමට හේතුව දනිත්ද, වායෝධාතුවේ නැතිවීම දනිත්ද, වායෝධාතුව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය දනිත්ද, “මහණෙනි, මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණභාවයේ ඵලය හෝ බ්රාහ්මණ භාවයේ ඵලය හෝ මේ ආත්මභාවයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙත්.
චතු ධාතු වර්ගය නිමි.
උද්දානය:
චතු සූත්රයද, පුබ්බ සූත්රයද, අචරි සූත්රයද, නොවෙදං සූත්රයද, දුක්ඛ සූත්රයද, අභිනන්දන සූත්රයද, උප්පාද සූත්රය සහ සමණ බ්රාහ්මණ සූත්ර තුනදැයි මේ වර්ගයෙහි සූත්ර දසයකි.
ධාතු සංයුක්තය නිමි.