2. 3. 6.
6. අට්ඨඩ්ගික සූත්‍රය
252. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක් වෙත්. සමගිවෙත්.
සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙති. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක් වන්නාහුය. සමගිවන්නාහුය. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමඟ එක්වන්නාහුය. සමගි වන්නාහුය.

මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ආජීවයෙන් යුක්තවූවෝ සම්‍යක් ආජීවයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවෝ සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”
2. 3. 7.
7. දසඩ්ග සූත්‍රය
253. සාවත්ථියං– මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි, වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාසංකල්පනා ඇත්තෝ මිථ්‍යාසංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාවචන ඇත්තෝ මිථ්‍යාවචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යාකර්මාන්ත ඇත්තෝ මිථ්‍යාකර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.

“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) මිථ්‍යාදෘෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යාවචන ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වෙත්. සමගි වෙත්. (කෙසේද?) මිථ්‍යාදාෂ්ටිකයෝ මිථ්‍යාදෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සංකල්පනා ඇත්තෝ මිථ්‍යා සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා වචන ඇත්තෝ මිථ්‍යා වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මිථ්‍යා කර්මාන්ත ඇත්තෝ මිථ්‍යා කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ආජීව ඇත්තෝ මිථ්‍යා ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ව්‍යායාම ඇත්තෝ මිථ්‍යා ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සිහිය ඇත්තෝ මිථ්‍යා සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා සමාධිය ඇත්තෝ මිථ්‍යා සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා ඥානය ඇත්තෝ මිථ්‍යා ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. මිථ්‍යා විමුක්තිය ඇත්තෝ මිථ්‍යා විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.

“සම්‍යක් දෘෂ්ටිකයෝ සම්‍යක් දෘෂ්ටිකයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සංකල්පනා ඇත්තෝ සම්‍යක් සංකල්පනා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් වචන ඇත්තෝ සම්‍යක් වචන ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් කර්මාන්ත ඇත්තෝ සම්‍යක් කර්මාන්ත ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ආජීව ඇත්තෝ සම්‍යක් ආජීව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ව්‍යායාම ඇත්තෝ සම්‍යක් ව්‍යායාම ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සිහිය ඇත්තෝ සම්‍යක් සිහිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් සමාධිය ඇත්තෝ සම්‍යක් සමාධිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් ඥානය ඇත්තෝ සම්‍යක් ඥානය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සම්‍යක් විමුක්තිය ඇත්තෝ සම්‍යක් විමුක්තිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”
(සියලු තැන්හි අතීත, අනාගත, වර්තමාන වශයෙන් විස්තර කළ යුතුයි.)
සූත්‍ර සතෙහි උද්දානය:
අසමාභිත සූත්‍රයද, දුස්සීල සූත්‍රයද, පඤ්චසික්ඛාපද සූත්‍රයද, සත්තකම්මපථ සූත්‍රයද, දසකම්මපථ සූත්‍රයද, සවනුව කියන ලද අට්ඨඩ්ගික සූත්‍රයද, සත්වන දසඩ්ග සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර සතකි.
තුන්වෙනි කම්මපථ වර්ගය නිමි.
4. චතු ධාතු වර්ගය
2. 4. 1.
චතු සූත්‍රය
254. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මේ ධාතු සතරකි. ඒ සතර කවරේද? එය පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව සහ වායෝ ධාතුවයි. මහණෙනි, මොවුහු වනාහි සතර ධාතූහු වෙති.”
2. 4. 2.
පුබ්බ සූත්‍රය
255. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, බුද්ධත්වයට පෙරම, බුදු නොවූ බෝසත්වූම මට මේ අදහස ඇතිවිය. “පඨවි ධාතුවේ අස්සාදය (රස විඳීම) කවරේද? ආදීනව (දෝෂ) කවරේද? නිස්සරණය (නිදහස්වීම) කවරේද? “ආපෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද? “තේජෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද? “වායෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?
“මහණෙනි, ඒ මට මේ සිත ඇති විය. පඨවි ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය පඨවි ධාතුවේ අස්සාදයයි. පඨවි ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය පඨවි ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය පඨවි ධාතුවේ නිස්සරණයයි. “ආපෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය ආපෝ ධාතුවේ අස්සාදයයි. ආපෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය ආපෝ ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය ආපෝ ධාතුවේ නිස්සරණයයි. “තේජෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය තේජෝ ධාතුවේ අස්සාදයයි. තේජෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය තේජෝ ධාතුවේ ආදීනවයයි. තේජෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය තේජෝ ධාතුවේ නිස්සරණයයි. “වායෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය වායෝ ධාතුවේ අස්සාදයයි. වායෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය වායෝ ධාතුවේ ආදීනවයයි. වායෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය වායෝ ධාතුවේ නිස්සරණයයි.
“මහණෙනි, මම යම්තාක් කල් මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය, අස්සාදය වශයෙන්ද, ආදීනවය, ආදීනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, ඇති පරිදි නොදත්තෝද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාව සහිත ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට නොපැමිණියෙම්යයි දැන නොගත්තෙමි.