7. ආතප්ප වර්ගය
1. 9. 7. 1-11.
ජරාමරණාදී සූත්ර
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළයුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස කෙළෙස් තවන වීර්ය කළ යුත්තේය.” ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්ර දහයකි. තුන්වෙනි ආතප්ප වර්ගයයි. (මේ වර්ගයෙහි ආතප්ප සූත්ර එකොළොසක්වේ.)
8. විරිය වර්ගය
1. 9. 8. 1-11.
ජරාමරණාදී සූත්ර
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ජරාමරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස සුද්ධ වීර්යය කළ යුත්තේය.” ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්ර දහයකි. අටවෙනි විරිය වර්ගයයි. (මේ වර්ගයෙහි විරිය සූත්ර එකොළොසක් වේ.)
9. සාතච්ච වර්ගය
1. 9. 9. 1-11.
ජරාමරණාදී සූත්ර
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස නොනවත්වා ක්රියාකිරීම කළයුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොනවත්වා ක්රියාකිරීම කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොනවත්වා ක්රියාකිරීම කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස නොනවත්වා ක්රියාකිරීම කළ යුත්තේය.” ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්ර දහයකි. නවවෙනි සාතච්ච වර්ගයයි. (මේ වර්ගයෙහි සාතච්ච සූත්ර එකොළොසක්වේ.)
10. සති වර්ගය
1. 9. 10. 1-11.
ජරාමරණාදී සූත්ර
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ජරාමරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන සිහිය ඇතිකළ යුත්තේය.” ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්ර දහයකි. දහවෙනි සති වර්ගයයි. (මේ වර්ගයෙහි සති සූත්ර එකොළොසක් වේ.)
11. සම්පජඤ්ඤ වර්ගය
1. 9. 11. 1-11.
ජරාමරණාදී සූත්ර
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ජරාමරණය තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළයුතුය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළයුතුය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැති වීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළ යුතුය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස විමසන නුවණ ඇති කළ යුත්තේය.” ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්ර දහයකි. එකොළොස්වෙනි සම්පජඤ්ඤ වර්ගයයි. (මේ වර්ගයෙහි සම්පජඤ්ඤ සූත්ර එකොළොසක් වේ.)
12. අප්පමාද වර්ගය
1. 9. 12. 1-11.
ජරාමරණාදී සූත්ර
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ජරාමරණය, තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය. ජරාමරණයට, හේතුව තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය, නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිවීමෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය. තත්වූ පරිදි ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින්, නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ප්රමාද නොවීම ඇතිකළ යුත්තේය.” ජාතිය, භවය, උපාදානය (දැඩිව අල්ලා ගැනීම), තණ්හාව, වේදනාව, ස්පර්ශය, සළායතන, නාමරූප, විඤ්ඤාණය, සංස්කාරය ආදී වශයෙන් තවත් සූත්ර දහයකි. දොළොස්වෙනි අප්පමාද වර්ගයයි. (මේ වර්ගයෙහි අප්පමාද සූත්ර එකොළොසක් වේ.)
අන්තර පෙය්යාලය නිමි. නිදාන සංයුත්තය නිමි.
එහි වර්ග උදානය:
ශාස්තෘ, ශික්ෂා, යෝග, ඡන්ද, පස්වැනි උස්සොළ්හි ද,
අප්පටිවානි, ආතප්ප, විරිය, සාතච්ච යැයි කියනු ලැබේ.
සති, සම්පජඤ්ඤ සහ අප්පමාදයෙන් දොළසකි.
අප්පටිවානි, ආතප්ප, විරිය, සාතච්ච යැයි කියනු ලැබේ.
සති, සම්පජඤ්ඤ සහ අප්පමාදයෙන් දොළසකි.
අන්තරපෙය්යාල සූත්ර නිමාවට පත්විය.
වර්ග දොළසක් ද සූත්ර එකසිය තිස් දෙකක් ද වෙති, අන්තර පෙය්යාලයෙහි මොහු චතුරාර්ය සත්ය වශයෙන් කියන ලදහ.