1. 8. 9.
නාමරූප සූත්රය
79. මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ නාමරූප නොදනිත්ද, නාමරූපයන්ට හේතුව නොදනිත්ද, නාමරූප නැතිවීම නොදනිත්ද, නාමරූප නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මත හෝ බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය (ශ්රමණ භාවයේ ඵලය) හෝ බ්රාහ්මණාර්ථය (බ්රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ නාමරූප දනිත්ද, නාමරූපයන්ට හේතුව දනිත්ද, නාමරූප නැතිවීම දනිත්ද, නාමරූප නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය (ශ්රමණ භාවයේ ඵලය) හෝ බ්රාහ්මණාර්ථය (බ්රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසයකෙරෙති.”
1. 8. 10.
විඤ්ඤාණ සූත්රය
80. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ විඤ්ඤාණය නොදනිත්ද, විඤ්ඤාණයන්ට හේතුව නොදනිත්ද, විඤ්ඤාණය නැතිවීම නොදනිත්ද, විඤ්ඤාණය නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මත හෝ බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය (ශ්රමණ භාවයේ ඵලය) හෝ බ්රාහ්මණාර්ථය (බ්රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ විඤ්ඤාණය දනිත්ද, විඤ්ඤාණයට හේතුව දනිත්ද, විඤ්ඤාණය නැතිවීම දනිත්ද, විඤ්ඤාණය නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය (ශ්රමණ භාවයේ ඵලය) හෝ බ්රාහ්මණාර්ථය (බ්රාහ්මණ භාවයේ ඵලය) මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”
1. 8. 11.
සංස්කාර සූත්රය
81. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ සංස්කාරයන් නොදනිත්ද, සංස්කාරන්ට හේතුව නොදනිත්ද, සංස්කාරයන් නැතිවීම නොදනිත්ද, සංස්කාරයන් නැතිකරන මාර්ගය නොදනිත්ද, මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මත හෝ බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මත හෝ නොවෙති. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය (ශ්රමණ භාවයේ ඵලය) හෝ බ්රාහ්මණාර්ථය (බ්රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය නොකරත්.
“මහණෙනි, යම්කිසි ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ සංස්කාරයන් දනිත්ද, සංස්කාරයන්ට හේතුව දනිත්ද, සංස්කාරයන් නැතිවීම දනිත්ද, සංස්කාරයන් නැති කරන මාර්ගය දනිත්ද, මහණෙනි, ඒ මේ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු වනාහි ශ්රමණාර්ථය (ශ්රමණ භාවයේ ඵලය) හෝ බ්රාහ්මණාර්ථය (බ්රාහ්මණ භාවයේ ඵලය) හෝ මේ ආත්මභාවයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙති.”
අටවැනි ශ්රමණ බ්රාහ්මණ වර්ගයයි.
මේ වර්ග පිළිවෙළයි.
චතුරාර්ය සත්යය බෙදා දේශනා කරන්නාවූ බුදුරජාණන් වහන්සේ විසින් පච්චය සූත්ර එකොළොසක් වදාරණ ලදී ශ්රමණ බ්රාහ්මණ වර්ගය නිදාන වර්ගයෙහි අටවැනි වර්ගය වෙයි. බුද්ධ වර්ගය, ආහාර වර්ගය, දසබල වර්ගය, කළාරඛත්තිය වර්ගය, පස්වැනිවූ ගහපති වර්ගය, දුක්ඛ වර්ගය, මහා වර්ගය සහ අට වැනිවූ ශ්රමණ බ්රාහ්මණ වර්ගයයි කියා වර්ග අටකි.
9. අන්තර පෙය්යාලය
1. සත්ථු වර්ගය
1. 9. 1. 1.
ජරාමරණ සූත්රය
73. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, තත්වූ පරිදි ජරාමරණය නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය. ජරාමරණයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණයට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. ජරාමරණය නැතිවීම තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණ නිරෝධයෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ජරාමරණය නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූපරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.
(සියල්ලන්ගේ පෙය්යාලය මෙසේ විස්තර කළ යුතුය) (පළමුවන සත්ථු සූත්රය නිමි.)
1. 9. 1. 2.
ජාති සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, ඉපදීම තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් ඉපදීමෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. ඉපදීමට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් ඉපදීමට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි ඉපදීම නැතිවීම නොදන්නා විසින්, නොදක්නා විසින් ඉපදීම නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි ඉපදීම නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් ඉපදීම නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.
1. 9. 1. 3.
භව සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, භවය තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් භවයෙහි, තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. භවයට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් භවයට, හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි භවය, නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් භවය නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි භවය, නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් භවය, නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූපරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.
1. 9. 1. 4.
උපාදාන සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, උපාදානය (දැඩිව අල්ලා ගැනීම) තත්වූ පරිදි නොදන්නා විසින්, නොදක්නා විසින් උපාදානයෙහි (දැඩිව අල්ලා ගැනීමෙහි) තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. උපාදානය (දැඩිව අල්ලා ගැනීමට) හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් උපාදානය (දැඩිව අල්ලා ගැනීමට) හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.
1. 9. 1. 5.
තණ්හා සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. “මහණෙනි, තණ්හාව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාවෙහි තත්වූ පරිදි නුවණ ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තණ්හාවට හේතුව තත්වූ පරිදි නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාවට හේතුවෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි තණ්හාව නැතිවීම නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාව නැතිවීමෙහි, තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෲවරයෙක් සෙවිය යුත්තේය. තත්වූ පරිදි තණ්හාව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගය නොදන්නා විසින් නොදක්නා විසින් තණ්හාව නැතිකිරීමට ගමන් කළයුතු මාර්ගයෙහි තත්වූ පරිදි ඤාණය ඇතිවීම පිණිස ශාස්තෘවරයෙක් සෙවිය යුත්තේය.