1. 7. 6.
6. සම්මසන සූත්රය
66. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ “කම්මාස්සදම්ම” නම්වූ, කුරුරට වාසීන්ගේ නියම්ගම සමීපයෙහි වසනසේක. එහිදී වනාහි භාග්යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන්ට කථාකළසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, තොපි අභ්යන්තර ප්රත්යයන් විමසා බැලීම කරන්නහුද?” මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මම වනාහි අභ්යන්තර ප්රත්යය විමසා බැලීම කරන්නෙමි”යි කියායි. “මහණ, ඔබ කෙසේ වනාහි අභ්යන්තර ප්රත්යයන් විමසා බැලීම කරන්නෙහිද?” ඉක්බිති ඒ මහණ තෙම (තමා විමසා බලන ක්රමය) පැහැදිළි කළේය. යම්සේ ඒ මහණතෙම පැහැදිළි කළේද, ඒ මහණතෙම භාග්යවතුන් වහන්සේගේ සිත සතුටු නොකළේය.
“මෙසේ කීකල්හි ඇවැත් ආනන්ද ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “භාග්යවතුන් වහන්සේ යම් අභ්යන්තර ප්රත්යය විමසා බැලීමක් දේශනා කරනසේක් නම්, භාග්යවතුන් වහන්ස, එයට මේ කාලයයි. සුගතයන් වහන්ස, එයට මේ කාලයයි. භාග්යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරත්යයි” කියායි. “ආනන්දය, එසේවී නම් අසව්, මනාකොට මෙනෙහිකරව්. කියන්නෙමියි” (වදාළ සේක.) “එසේය ස්වාමීනි,” කියා, ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විමසා බැලීම කරන්නේ අභ්යන්තර ප්රත්යය විමසා බලයි. (කෙසේද?) යම් මේ නානාප්රකාරවූ, ජරා මරණ දුක් ලෝකයෙහි උපදීද, මේ දුක වනාහි කුමක් නිදාන කොට ඇත්තේද? කුමක් හේතු කොට ඇත්තේද? කුමක් ජාතිකොට ඇත්තේද? කුමක් ප්රභවකොට ඇත්තේද? කුමක් ඇතිකල්හි ජරා මරණය ඇතිවේද? කුමක් නැතිකල්හි ජරා මරණය ඇති නොවේද? කියායි. ඒ මහණතෙම විමසා බලන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) යම් මේ නානාප්රකාරවූ, ජරා මරණ දුක් ලෝකයෙහි උපදීද, මේ දුක වනාහි පඤ්චස්කන්ධය නිදානකොට ඇත්තේය. පඤ්චස්කන්ධය සමුදය කොට ඇත්තේය. පඤ්චස්කන්ධය ජාතිකොට ඇත්තේය. පඤ්චස්කන්ධය ප්රභවකොට ඇත්තේය. පඤ්චස්කන්ධය ඇති කල්හි ජරා මරණය ඇතිවේ. පඤ්චස්කන්ධය නැති කල්හි ජරා මරණය ඇති නොවේ, කියායි. “ඒ මහණතෙම ජරා මරණයද දැනගනියි. ජරා මරණය ඇතිවීමේ හේතුවද දැනගනියි. ජරා මරණය නැතිවීමද දැන ගනියි. ජරා මරණය නැතිකරන යම් මාර්ගයක් වේද, එයත් දැනගනියි. ධර්මය අනුව හැසිරෙන්නේ, එසේ පිළිපන්නේද වෙයි. මහණෙනි, මේ මහණ තෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස, ජරා මරණය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“ඉක්බිති නැවතත් විමසාබැලීම කරන්නේ අභ්යන්තර ප්රත්යය විමසා බලයි. කෙසේද? මේ පඤ්චස්කන්ධය වනාහි කුමක් නිදාන කොට ඇත්තේද, කුමක් හේතුකොට ඇත්තේද, කුමක් ජාතිකොට ඇත්තේද, කුමක් ප්රභවකොට ඇත්තේද, කුමක් ඇතිකල්හි පඤ්චස්කන්ධය ඇතිවේද? කුමක් නැතිකල්හි පඤ්චස්කන්ධය ඇතිනොවේද? කියායි. හෙතෙම විමසනු ලබන්නේ මෙසේ දැනගනියි. පඤ්චස්කන්ධය තණ්හාව නිදානකොට ඇත්තේය. තණ්හාව හේතුකොට ඇත්තේය. තණ්හාව ජාතිකොට ඇත්තේය. තණ්හාව ප්රභවකොට ඇත්තේය. තණ්හාව ඇතිකල්හි පඤ්චස්කන්ධය ඇතිවේ. තණ්හාව නැතිකල්හි පඤ්චස්කන්ධය ඇති නොවේය කියායි. හෙතෙම පඤ්චස්කන්ධයද දැනගනියි. පඤ්චස්කන්ධය ඇතිවීමේ හේතුවද දැනගනියි. පඤ්චස්කන්ධය නැතිවීමද දැනගනියි. පඤ්චස්කන්ධය නැතිකිරීමට යායුතු සුදුසු මාර්ගයක් වේද, එයත් දැනගනියි. ධර්මය අනුව හැසිරෙන්නේ එසේ පිළිපන්නේද වෙයි. මහණෙනි මේ මහණතෙම සියලු ආකාරයෙන් මනාකොට දුක් නැතිකිරීම පිණිස, පඤ්චස්කන්ධය නැතිකිරීම පිණිස පිළිපන්නේයයි කියනු ලැබේ.
“ඉක්බිති නැවතත් විමසා බැලීම කරන්නේ, අභ්යන්තර ප්රත්යය විමසා බලයි. (කෙසේද?) මේ තණ්හාව වනාහි උපදිනු ලබන්නී, කොතැන්හි උපදින්නීද? සිටිනු ලබන්නී, කොතැන්හි සිටින්නීද? කියායි. ඒ මහණතෙම විමසන්නේ මෙසේ දැනගනියි. (කෙසේද?) ලෝකයෙහි වනාහි යම්කිසි ප්රිය ස්වභාවයක්, මධුර ස්වභාවයක් ඇත්තේ වේද, මෙතැන්හි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී, උපදින්නීය. සිටිනු ලබන්නී, සිටින්නීය, ලෝකයෙහි ප්රිය ස්වභාවය, මධුර ස්වභාවය කවරේද? ලෝකයෙහි ඇස ප්රිය ස්වභාවයෙන් සහ මධුර ස්වභාවයෙන් යුක්තය. මෙහි මේ තණ්හා තොමෝ උපදිනු ලබන්නී උපදින්නීය. සිටිනු ලන්නී සිටින්නීය.