1. 8. 4.
වුට්ඨි සූත්රය
[දෙවතාව:]
74. “නැගෙන්නවුන්හට කිමෙක් නම් ශ්රේෂ්ඨද? පහතට බසින්නවුන්හට කිමෙක් නම් ශ්රේෂ්ඨද? පයින් යන්නවුන්හට කිමෙක් නම් ශ්රේෂ්ඨද? කියන්නන්හට කිමෙක්නම් ශ්රේෂ්ඨද?”
[අනිත් දෙවතාව:]
“නැගෙන්නවුන් අතරින් බීජය ශ්රේෂ්ඨය. වැටෙන්නවුන් අතරින් වැස්ස ශ්රේෂ්ඨය. පයින් යන්නවුන් අතරින් ගවයෝ ශ්රේෂ්ඨ වෙති. කියන්නවුන් අතරින් පුත්රයා ශ්රේෂ්ඨය.”
[භාග්යවතුන් වහන්සේ:]
“නැගෙන්නවුන් අතුරෙන් ප්රඥාව ශ්රේෂ්ඨය. වැටෙන්නවුන් අතුරෙන් අවිද්යාව ප්රධානය. පයින් යන්නවුන් අතුරෙන් සඞඝයා ශ්රේෂ්ඨය. කියන්නවුන් අතුරෙන් බුදුරජ ශ්රේෂ්ඨය.”
1. 8. 5.
භීත සූත්රය
[දෙවතාව:]
75. “මහා ප්රාඥවූ ගෞතමයන් වහන්ස, ඔබ විසින් මාර්ගයද නොයෙක් කරුණු වශයෙන් වදාරණලදී. ඔබගෙන් විචාරමි, මෙහි නොයෙක් සත්ව සමූහයා කුමකට බිය ගත්තේද? කිමෙක පිහිටි තැනැත්තේ පරලොවට යන්නේ බිය නොවන්නේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“බොහෝ කෑම බීම ඇති ගෘහයෙහි වසන තැනැත්තේ වචනයද, සිතද නිසි පරිදි පිහිටුවා, කයින් පවු නොකරන්නේ, ශ්රද්ධාව, මොළොක් බව, බෙදා වැළඳීම, ත්යාගවත් බව යන සතර ධර්මයන්හි සිටියේ වේද, (එබඳු) ධර්මයෙහි පිහිටි තැනැත්තේ පරලොවට බිය නොවන්නේය.”
1. 8. 6.
නජීරති සූත්රය
[දෙවතාව:]
76. “කිමෙක් නම් දිරාද? කිමෙක් නොදිරාද? කිමෙක් නම් නොමගයයි කියනු ලැබේද? කිමෙක් නම් ධර්මයන්හට උපද්රවද? කිමෙක් නම් රෑ දාවල් ගෙවන්නේද? බඹසරට කිලුට කිමෙක්ද? දිය නැති නෑම කිමෙක්ද?
යමෙක සිත නොසිටී නම් ලොව එසේවූ සිදුරු කීයෙක්ද? භාග්යවතුන් වහන්සේගෙන් විචාරන්නට ආම්හ. එය අපි කෙසේ දැන ගන්නමුද?”
[භාග්යවතුන් වහන්සේ:]
“සත්ත්වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී. ලෝභය ධර්මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි. මෙහි මේ සත්ත්ව සමූහයා ඇලේ. තපසද බඹසරට යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි.
කුශීත (අලස) බවද, ප්රමාදයද, වීර්ය්ය නැති බවද, ශීල සංයමය නැති බවද, නිදි බහුල බවද, ආගන්තුක අලස බවද යන මොහු ලොව සිත නොසිටිනා සිදුරු සයයි. ඒ සිදුරු සය සර්වප්රකාරයෙන් දුරලන්නේය.”
1. 8. 7.
ඉස්සර සූත්රය
[දෙවතාව:]
77. “ලොව අධිපති බව කිමෙක්ද? බඩු අතුරෙන් කිමෙක් උතුම්ද? ලොව ශාස්ත්රයට මලකව කිමෙක්ද? ලොව විනාශකාරී කවරේද?
“ගෙන යන කවරකු (මිනිස්සු) වළක්වත්ද? ගෙන යන කවරෙක් වනාහි ප්රිය වේද? නුවනැත්තෝ නැවත නැවත එන කවරකු පිළිගනිත්ද?